
(සුජිත් හේවාජුලිගේ)
මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කර ගතවු දින තුනේදී 3,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ යටතේ දිවයින පුරා වැටලීම් 3,370 ක් කර අැති බව පොලිසිය පවසයි.
ඉන් සැකකරුවන් 06 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර තවත් 72දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම මෙම මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු 38දෙනකු පුනරුත්ථාපනයට සඳහා යොමු කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශබන්දුත් ඕකම කරා. ඒකාලේ පාතාලයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කතා කරපු අප්පුහාමිලා අවුරුද්දකට පස්සේ ඒකම කරනවා. කමක් නෑ සිංහලයට සති 2යි නෙ මතක.
ලංකාවේ මත් ද්‍රව්‍ය පාවිච්චිය වැළක්විය හැක්කේ, මත් ද්‍රව්‍ය සැපයුම් ජාලය විනාශ කිරීමෙන් පමණයි.