
(ප්‍රසංග පෙරේරා සහ සරත් චින්තක)
නාවික හමුදාවේ දුරදිග මෙහෙයුම් බල ඇණිය ගැඹුරු මුහුදේ දී අත් අඩංගුවට ගත් මත් ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් සහිත ධීවර යාත්‍රාවක් අද උදෑසන වත්තල දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබීය.
නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම ධීවර යාත්‍රා අත් අගුවට ගෙන ඇති අතර එම යාත්‍රාව තුළ සිටී ශ්‍රි ලාංකික ධීවරයන් 06 දෙනකුද අත් අඩංගුවට ගෙන ඇත.
ධීවර යාත්‍රාව දික්ඕවිට ධීවර වරායට රැගෙන ඒමෙන් පසු එය නිරීක්ෂණය ට පැමිණි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කර සිටියේ මෙහි රුපියල් කෝටි 500 ක් පමණ වටිනා අයිස් හා හෙරොයින් කිලෝග්රෑම් 350 ක් පමණ ඇති බවයි.
මෙම හෙරෝයින් හා අයිස් මත් ද්‍රව්‍යය මලු 16, ක පැකට් වශයෙන් අසුරා තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජය බලයට පත් වුණේ නැතිනම් මත්කුඩුවලින් අපේ තරුණ පරම්පරාව නැති වෙලාම යනවා. මෙච්චර මර්දනයක් තියෙද්දිත් මේවා ගෙනාවා කියන්නේ, කොච්චර නිදහසේ මේවා කරගෙන යන්න ඇතිද?
දෙවියනේ..! මේක නම් යුද්ධයක්ම තමයි..!
තාම මහමොලකරුවන් කවුරුත්ම සොයාගෙන නැතිව ඇති නේද?