වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට සතියක කාලයක් දෙයි වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරී සහ නිවාඩු දින දීමනා කප්පාදු කිරීමට සම්බන්ධ නිවැරදි කළ චක්‍රලේඛය සතියක් ඇතුළත වහාම නිකුත් කළ යුතු බවත් එසේ නොවන්නේ නම් අවශ්‍ය වුවහොත් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹීමට සිදුවන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (26) පැවසීය. 26 May 2025
පරිපූරක වෛද්‍ය සේවාවට 179ක් බඳවා ගැනේ පරිපූරක වෛද්‍ය සේවාවේ තනතුරු හතරක් ආවරණය වන පරිදි 179 දෙනෙක් අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ ලිපි ප්රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බදාදා (28) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදි සිදුකෙරේ. 26 May 2025
සියඹලාණ්ඩුව සූර්ය බලාගාර ටෙන්ඩරයේ පෙත්සමට දින දෙයි සියඹලාණ්ඩුව ප්‍රදේශයේ සූර්ය බලශක්ති බලාගාරයක් ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය ”රිවිදනවි පෞද්ගලික සමාගම” ට දීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ජුනි 18 සහ ජූලි 07 වැනි දිනවල කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීරණය කළේය . 26 May 2025
සමන් දේවාලයේ බස්නායක නිලමේ නිලවරණ තහනම දීර්ඝ කරයි සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබු නිලවරණය අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ජූනි 20 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය. 26 May 2025
මාලිනියගේ අවසන් හෝරාව සිංහල සිනමාවේ රැජන මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය කොළඹ 7 නිදහස් මන්දිරයේ සිට විශේෂ පීඨිකාව වෙත රැගෙන එනු ලැබීය. 26 May 2025
ජනපති සිංහ සමාජ හමුවක් මෙරට ළමා සහ තරුණ ප්‍රජාවගේ මානසික සෞඛ්‍යය නගා සිටුවීමට හා සමාජ සුභසාධනය සඳහා ජාත්‍යන්තර සිංහ සමාජයේ සහාය ලබා දෙන බව ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති සිංහ ෆැබ්රිසියෝ ද ඔලිවෙයිරා ( Fabrício Oliveira) මහතා පැවසීය. 26 May 2025
මදුරුවන් බෝ කරන පරිශ්‍ර 31,145 ක් මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහිත පරිශ්‍ර 31,145 ක් හඳුනාගත් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි. 26 May 2025
මාලනී ගැන ඇගේ වෛද්‍යවරයා කියන කතාව මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්වයේ සිටියදී කිසිම අවස්ථාවක මානසිකව කඩා නොවැටුණු බව ඇයගේ වෛද්‍ය වෛද්‍යවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා පැවසිය. 26 May 2025
බිංගිරිය සිසුවියගේ මරණය ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ සිසුවියක සිය දිවි හානි කරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇත. 26 May 2025
පස් කන්දට යට වූ අයෙක් පැයක මෙහෙයුමකින් පසු රෝහලට බදුල්ල හාලිඇල, බෝගහමඩිත්ත ප්‍රදේශයේ නිවසක් අසල වූ බැම්මක් අවහිරවන ලෙස වැටී තිබූ පස් කන්දක් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු අද (26) උදෑසන එම පස් කන්දට යටවී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 26 May 2025
කොටහේනේ වෙඩි තැබීමට තිදෙනකු අල්ලයි කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසල වෙළඳ සැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ පැදිකරු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි. 26 May 2025
රුවන් චීන සංවාදයකට චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ දෙදින සංවාදයකට සහභාගී වීම සඳහා එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා චීනයට ගියේය. 26 May 2025
ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනයේ උප සභාපති ධූරය ලංකාවට ලෝක ප්රජාතන්ත්රවාදී තරුණ සම්මේලනයේ (WFDY) උප සභාපති ධූරය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී ශිෂ්‍ය සංගමය නියෝජනය කරමින් මහේල අමරසූරිය තේරී පත්වී තිබේ. 26 May 2025
මහින්දානන්දට ඇප චීනයෙන් ආනයනය කරන ලද ව්‍යාධි ජනක බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැව සඳහා ශාක නිරෝධායන පරිසර තත්ත්ව වාර්තාව ලැබීමට දින දහයකට පෙර ණයවර ලිපි නිකුත් කිරීමට බල කරමින් රජයට රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි රක්ෂිතය බන්ධනාගාර ගතව සිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය . 26 May 2025
පුටින් පිස්සෙක් - ට්‍රම්ප් කියයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ‘උම්මත්තකයකු’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි. 26 May 2025
පාර්ලිමේන්තුවට වෙනම නීති අංශයක් පාර්ලිමේන්තුවේ වෙනම නීති අංශයක් පිහිටුවීමට එහි කාර්යමණ්ඩල උපදේශ කාරක සභාවේදී අනුමැතිය ලැබී ඇත. 26 May 2025
දුමින්ද බන්ධනාගාර රෝහලට රත්රන් ගිනි අවිය සම්බන්ධයෙන් අත්අඩංගුවට රිමාන්ඩ් භාරයට පත් කෙරුණු හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත. 26 May 2025
දුම්රිය ප්‍රමාදයෙන් මගීහූ අපහසුතාවට ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන්වාර 15 කට ආසන්න සංඛ්‍යාවක් දුම්රිය රියදුරු හිඟය හේතුවෙන් අද (26) පෙරවරුවේ අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 26 May 2025
රිය අනතුරින් අයෙක් මරුට: තිදෙනකු රෝහලේ යාපනය නුවර ඒ නවය මාර්ගයේ වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් අද (26) උදෑසන ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයකු මියගොස් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගතකොට ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 26 May 2025
අතුරුදන් කන්ටේනර් තොරතුරු ඉල්ලා දයාසිරි අධිකරණයට කොළඹ වරායෙන් නිදහස් කෙරුණු ආන්දෝලනාත්මක කන්ටේනර් 323 සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට අධිකරණයට යොමුවන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය. 26 May 2025
මාලනීගේ හිස්තැන පුරවන්න කාටවත් බෑ මාලනි ෆොන්සේකා මහත්මිය අභාවයට පත්වීමෙන් සිනමා ක්ෂේත්රයේ ඇති වූ හිස්තැන පිරවීමට තවත් කිසිවකුටත් හැකිවේ යැයි තමා නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 26 May 2025
ජනපතිගෙන් පුංචි ආණ්ඩු මන්ත්‍රීන්ට පාඩමක් මහජන ප්‍රශ්නයක් රැගෙන එන පුරවැසියකුට හිතේ කලකිරීමෙන් යුතුව ආපසු යාමට ඉඩ නොතබන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන ආයතන වලට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් අමතමින් කොළඹදී පැවසීය. 26 May 2025
අපනයනයේ 162කට හොර පාරේ දීමනා: වියදම කෝටියක් අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රවාහන දීමනා හිමිකම් නොමැති සේවකයන් එකසිය හැට දෙදෙනෙකුට ප්‍රවාහන දීමනා වශයෙන් එක්කෝටි තිස්නව ලක්ෂයක් 2023 වසරේ දී ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 26 May 2025
තැනින් තැනට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 May 2025
ජනපති මාලිනියට අවසන් ගෞරව දක්වයි අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දැක්විය. 26 May 2025
තුසිත හල්ලොලුවට වෙඩි තැබූසිද්ධියට තුනක් කූඩුව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා නියෝග කළේය . 25 May 2025
පානදුරේ නිවෙසකට වෙඩි වරුෂාවක් යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කු කරුවකු පානදුර මාදුපිට්ය ප්‍රදේශයේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර පලාගොස් ඇති බව පින්වත්ත පොලිසිය පවසයි . 25 May 2025
ගුරු සිසුවියගේ සිරුර විදුලි පංකාවේ එල්ලේ බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පිඨයෙ දෙවන වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේ සිරුර එහි විදුලි පංකාවක එල්ලෙමින් තිබියදී සොයාගත් බව බිංගිරිය පොලිසිය කියයි. 25 May 2025
අරගලයට රට පුරා සැකකරුවන් තුන්දාහක් අරගලයට සම්බන්ධ නඩු සඳහා දිවයින පුරා තුන් දහසකට අධික පිරිසක් සැකකරුවන් ලෙස නම් කර ඇතැයි 2022 අරගලය හා සම්බන්ධය සිදුවීම් වලට අදාළ නඩු කටයුතු කරන නීතිඥවරුන් හා සමාජ ක්‍රියාකාරීන් පිරිසක් සහ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා අතර පැවති සාකච්ඡාවකදී අනාවරණය විය. 25 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026