
(නිමල් ජයරත්න)
යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයන් රවටා, ආරක්ෂා යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන වංචා රැසක් සිදුකළ බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේ නමක් අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
තංගල්ල මුවන්පැලැස්සේ ප්‍රදේශයේ සිට පැමිණි දෙදරු පියකු වන පී.එස්.එම් සනත් යන අයකු අවස්ථා දෙකකදී කරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිලිකරු සමග පොලිසිය භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගිය විට පොලිසිය ඉදිරිපිට පැමිණිලිකරුට භික්ෂූන් වහන්සේ පහරදීමෙන් ඔහු තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ගන්නා බව මනම්පිටිය පොලිසි සඳහන් කළේය.
ඒ අනුව පොලිසිය ඉදිරිපිට තංගල්ලෙන් පැමිණිකරුට පහරදීම සම්බන්ධව බීමත්ව සිටි භික්‍ෂූන් වහන්සේ අත්අඩංගුවට ගෙන 03 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද මනම්පිටිය පොලීසිය සඳහන් කරයි.
මෙම භික්ෂුව දිගු කලක සිට තම යූටියුබ් නාලිකාව හරහා විවිධ පුද්ගලයින් රවටා ඔවුනට ආරක්‍ෂාව, රැකවරණය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මෙන්ම නිවාස ආරක්ෂාව, ඇතුළු ලෙඩ රෝග සුවකර දෙන බවට පවසා දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවද මූලික පරීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇති බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"වින්දකයා" කරපු හා වින්දිතයාට වුණ වැඩේ වින්දනය කරමු. මේ කාලෙත් බයි වැඩ කරන අපිට හොඳ වැඩේ.
ඔවුන් භික්ෂූන් වහන්සේලා නොව දූෂිත චීවරධාරීන්.දිඹුලාගල සීලාලංකාර හිමියන්ට අගෞරව කරන නීචයෝ. සසුන කෙලෙසන දේවාල පන්සල්වල පිහිටුවීම නවත්තන්න මහානායක ඇත්තන්ගේ අවධානයට පාත්‍ර විය යුතුයි.
බුදුරජාණන් වහන්සේගේ දෙසුමට හාත්පසින්ම විරුද්ධ කටයුතු කරන භික්ෂුවකට විරුද්ධව කටයුතු කරන විනය සම්බන්ධ කමිටුවක් එහෙම නැතැයි?