IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුරුකම් කරන්න අන්තර්ජාලයෙන් සල්ලි ගරලා හිමි නමක් මාට්ටු

(නිමල් ජයරත්න)

යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයන් රවටා, ආරක්ෂා යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන වංචා රැසක් සිදුකළ  බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්‍ෂූන් වහන්සේ නමක්  අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

තංගල්ල මුවන්පැලැස්සේ ප්‍රදේශයේ සිට පැමිණි දෙදරු පියකු වන පී.එස්.එම් සනත් යන අයකු අවස්ථා දෙකකදී කරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිලිකරු සමග පොලිසිය භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගිය විට පොලිසිය ඉදිරිපිට පැමිණිලිකරුට භික්ෂූන් වහන්සේ පහරදීමෙන් ඔහු තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ගන්නා බව මනම්පිටිය පොලිසි  සඳහන් කළේය.

ඒ අනුව පොලිසිය ඉදිරිපිට තංගල්ලෙන් පැමිණිකරුට පහරදීම සම්බන්ධව බීමත්ව සිටි භික්‍ෂූන් වහන්සේ අත්අඩංගුවට ගෙන 03 වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද මනම්පිටිය පොලීසිය සඳහන් කරයි.

මෙම භික්ෂුව දිගු කලක සිට තම යූටියුබ් නාලිකාව හරහා විවිධ පුද්ගලයින් රවටා ඔවුනට ආරක්‍ෂාව, රැකවරණය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මෙන්ම නිවාස ආරක්ෂාව, ඇතුළු ලෙඩ රෝග සුවකර දෙන බවට පවසා දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවද මූලික පරීක්‍ෂණවලින් හෙළිදරව් වී ඇති බවද පොලිසිය පවසයි.

 



අදහස් (3)

ගුරුකම් කරන්න අන්තර්ජාලයෙන් සල්ලි ගරලා හිමි නමක් මාට්ටු

මංබයියා Tuesday, 04 November 2025 07:26 AM

"වින්දකයා" කරපු හා වින්දිතයාට වුණ වැඩේ වින්දනය කරමු. මේ කාලෙත් බයි වැඩ කරන අපිට හොඳ වැඩේ.

:       0       4

Lalla Tuesday, 04 November 2025 08:57 AM

ඔවුන් භික්ෂූන් වහන්සේලා නොව දූෂිත චීවරධාරීන්.දිඹුලාගල සීලාලංකාර හිමියන්ට අගෞරව කරන නීචයෝ. සසුන කෙලෙසන දේවාල පන්සල්වල පිහිටුවීම නවත්තන්න මහානායක ඇත්තන්ගේ අවධානයට පාත්‍ර විය යුතුයි.

:       0       9

Bunny Preena Tuesday, 04 November 2025 09:31 AM

බුදුරජාණන් වහන්සේගේ දෙසුමට හාත්පසින්ම විරුද්ධ කටයුතු කරන භික්ෂුවකට විරුද්ධව කටයුතු කරන විනය සම්බන්ධ කමිටුවක් එහෙම නැතැයි?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site