IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කින්නියා තවත් ගවයන් හතර දෙනකු කපා දමලා

(අමදෝරැ අමරජීව )

කින්නියා කුරුංජාන් කේණි ගොවිජන සේවා බල ප්‍රදේශයේ කොරොංගු පන්ජාන් තෘණ භූමියක වී වගාව මුල් කරගෙන ගව පට්ටිකරුවන් හා වී ගොවීන් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස දෙවන වරටත් අද (03)  මී ගවයන් හතර දෙනකු තියුණු ආයුධවලින් ඇන කපා කොටා දමා ඇතැයි කින්නියා පොලිසිය කියයි.

මී ගව පට්ටි හිමියකු වන කින්නියා, මහරුප් ග්‍රාමම් පදිංචි එම්.එස්.පරිස් නමැති අය අද (03) පස්වරුවේ පොලිසියට කළ පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තෘණ භූමියේ වී ගොවිතැන් කරන දෙදෙනකු බව අනාවරණයවේ.

මී ගව පට්ටි හිමිකරු පවසන්නේ තම පට්ටියේ මිගවයන් හතර දෙනෙකුට මෙලෙස තියුණු ආයුධ වලින් ඇණ කපා කොටා දමා ඇති අතර තවත් මී ගවයන් දෙදෙනෙකු ආගිය අතක් නැති බවයි.

මෙම තෘණ භූමියේ ගැටලුව කලක සිට පවතින අතර පසුගිය ඔක්තෝබර් මස 22 දිනද මේ ආකාරයටම මේ ගවයන් විසි දෙකකට පිහිවලින් සහ තියුණු ආයුධ වලින් ඇන කපා කොටා දමා තිබූණි.

 

 



අදහස් (3)

කින්නියා තවත් ගවයන් හතර දෙනකු කපා දමලා

H.T.Kusumapala Tuesday, 04 November 2025 01:53 AM

මෙම ම්ලේච්ඡ ක්‍රියාව සැබෑ මුස්ලිම්වරයෙකු කරන දෙයක් නොවන අතර, රජයේ නියෝජිතයාගේ සහාය ඇතිව මෙම ගැටලුව විසඳීමට පල්ලිය මැදිහත් විය යුතුය.

:       1       2

kasun Tuesday, 04 November 2025 02:52 AM

කොයි ලොව යන්නේ මරණින් පස්සේ පින් පව් එනවා අපි පසු පස්සේ

:       0       3

Senarath Tuesday, 04 November 2025 09:05 AM

ඇත්තටම මුන් මිනිස්සුද? මේ තිරිසන් සතුන්ට මෙහෙම අපරාධ කරන්නේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site