
(සුජිත් හේවාජුලිගේ)
රජයේ අයවැය ලේඛනය පිළිබඳ විවාදය පැවැත්වෙන දින ගණන වැඩි කරන ලෙස විපක්ෂය පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
කෙසේ වෙතත් දින ගණන වැඩි නොකර විවාදය පැවැත්වෙන කාල සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ සභා වාර ගණන වැඩිවීමෙන් ඇති වන අධික පිරිවැය වැළක්වා ගැනීම සඳහාය.
මේ අනුව අයවැය කාරක සභාව අවස්ථාවේ විවාදය ලබන 15 වැනිදා උදේ 9.00සිට පස්වරු 6.00 දක්වා පැවැත්වෙනු ඇත.අයවැය විවාද පැවැත්වෙන කාලයේදී දිවා විවේකයද ලබාදීමට තීරණය කර ඇත.
ජනාධිපතිවරයා අයවැය ලේඛනය ලබන 7 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි, බැරල් බඩාට, නාමල්ට, විපක්ෂයේ රැලට ගිරිය කඩා ගෙන පච කෙලින්නද?
නිකම් අපරාදේ පාර්ලිමේන්තුවේ මුදල් නාස්ති වෙන වැඩක් ඕක, සේවක අතිකාල, විදුලි හා ජල බිල්පත් වගේම අනිකුත් කාර්‍යයන් සදහා වියදම් කරන මුදලට සරිලන වැඩක් ඔතන වෙන එකක් නැහැ. අඩුම තරමේ විපක්ෂයේ එවුන් විවාද කරන දවස් වල පාර්ලිමේන්තුවේ ඉදියි විද දන්නේ නැහැ. එහෙව් අබ්බ ගොබ්බ විපක්ෂයක් ඉන්නේ.
ඔය දීලා තියන වෙලාවත් හොදටම වැඩි , මොකක් ගරි පොඩි දෙයක් අ ල්ලගෙන ලංකාවේ විනාශයේ ආරම්බය වගේ ගිරිය කඩාගෙන කැගහ ගහ ඉඳි එච්චරයි