IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වන අලියාගේ පහරින් තිදරු පියා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම කල්අඩිය ප්‍රදේශයෙදී අද ( 4 ) වල්  අලියකු පහර දිමෙන් තිදරු පියෙකු මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ කල්අඩිය හයේ කණුව ප්‍රදේශයේ තාවකාලික ලෙස පදිංචි සිටි  53 හැවිරිදි එම්.එම්.තිලක් නිහාල් කුමාර නැමති   ගස්නැග පොල් කැඩිමේ නිරත වු   තිදරු පියකු බව කියයි.

මරණයට පත්වු තැනැත්තා කොට්ටුකච්චිය කජුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහුගේ පලමු විවාහයේ බිරිද වසර කිපයකට පෙර මරණයට පත්විමේන් පසු මොහු  කල් අඩියෙ ප්‍රදේශයේ වෙනත් කාන්තාවක් සමඟ වසරක පමණ කාලයක් දිවි ගෙවමින් සිටියදි එම නිවසේ සිට ශරීර අවශ්‍යතාවයක් සදහා නිවසින් එළියට විත් මීටර් 20 කට  ආසන්න දුරකට යාමටත් මත්තෙන් කඩා වැදුණ අලියා මෙම මොහුට පහර දි ඇති බව පොලිසිය කියයි.

මරණයට පත් තැනැත්තාට පලමු විවාහයෙදි දරුවන් තිදෙනෙකු සිටින බව කියයි. මොහු පොල් කැඩිම තම ජීවිකාව කර ගනිමින් සිටි මෙම තැනැත්තෙකු බව කියයි.



අදහස් (3)

වන අලියාගේ පහරින් තිදරු පියා මරුට

thilak Tuesday, 04 November 2025 02:33 PM

නගරයෙන් ඈත වෙසෙන මෙවැනි දුප්පත් ගොවීන්ට පහර දෙන වල් අලින් වෙඩි තබා පලවා හැරිය යුතුයි.

:       0       1

පැරකුම්Tuesday, 04 November 2025 04:12 PM

පලවා හැරීමෙන් ඇති වැඩේ මොකද්ද? මරා දැමිය යුතුයි. අපි ඉතිං මරාපු මිනිස්සු ගාන ගණන් කර වාර්තා අලුත් කරනවා. අලි වැඩි වුණු තරමට රටේ ආර්ථිකය දියුණු වෙනවාද? මම නම් ප්‍රමුඛත්වය දෙන්නේ මිනිහාට මිස අලියාට නොවේ. බුද්ධිමත් මිනිස්සු ඉන්න රටවල නම් සත්ව ගහණය අඩු කිරීමට උපත් පාලන ක්‍රම භාවිතා කරනවා. අපේ රටේ එහෙම දෙවල් අහලාවත් තියනවාද? අලි කෙණුව ගැන ඇයි කතා නැත්තේ? එය කොයිතරම් කාර්යක්ෂමද කියලා දන්නේ කී දෙනාද? ඔය අලි වැට කියන බහු බූතයා කොයිතරම් අසාර්ථකද? ඒත් ඒකේ තියන කොමිස් රසය දන්නා අය ඒක වර්ණනා කරනවා. මේ රට ගොඩදාන්න කාටවත් ඕනෑකමක් නෑ. බලයේ හිටියොත් ඇති. අපේම අවාසනාව තමයි....

:       1       2

Bunny Preena Tuesday, 04 November 2025 04:00 PM

වන අලින් ගම් වදින එක වැළැක්වීම් සම්බන්ධ නව සොයාගැනීම් ගැන නම් කතා ගොඩයි. නමුත් එම සොයාගැනීම් බිම් මට්ටමෙන් ක්‍රියාත්මක නොවන කතාවලට සහ පුවත්පත්වල ඡායාරූප වලට පමණක් වුණු කාරණයක් විතරක් වගේ... මට නම් හිතෙන්නේ. පවු අහිංසක ගම් වැසියන්ගේ ජීවිත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site