
(සුජිත් හේවාජුලිගේ)
නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැලියට හිටපු ජනාධිපතිවරුන් කිසිවකු සහභාගි නොවන බව වාර්තාවේ.
කෙසේ වෙතත් මෙම රැලියට මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් ආශිර්වාදය පළකර ඇත.
රැස්වීමට හිටපු ජනාධිපතිවරුන් සහභාගි නොවීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයන්ගේ මතයවී තිබෙන බව දැනගන්නට ඇත.
මෙම රැස්වීමේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ නිවසේදී සාකච්ඡාවට ගණනාවක්ම පැවැත්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහම ආවම වැඩකුත් නෑ ඉතින්
ආවත් දැන් අගයක් නෑ.. අවලංගු නෙව.
දැන්වත් බයියෝ තේරුම් ගන්න. ඔවුන්ගේ බල තන්හාවට උඹලා බිල්ලට දෙනවා කියලා. බයි ගතිය නැතිකරගන්න බැරිනම් , අර නායකයෝ විදියට ගෙදර ඉඳලා ආශිර්වාද කරන්න
අවලංගු කාසි වලින් මොනව කරන්නද
කොහොම උනත් 2029 දී ජනාධිපති වීමට තටමන, ජනාධිපති හීන මවන කූට්ටම එනවා නෙ. ඒකම ඇති "නුගේගොඩට" ජන ගංගාවක් ගැලුවා කියා, රට පුරා හත් අවුරුද්දක් පාරම් බාන්නම... අනේ මගේ කට !
අයිස් කාරයන් වෙනුවෙන් එක්වෙමු……
ආවත් කියන්න තියෙන්නේ "අපි මාරුවෙන් මාරුවට රට කෑව " කියලනේ. ඒ නිසා නෑවිත් ඉන්න එක හොඳයි.
දැන් නම් හොදටම තේරෙනවා මේ රැළත් එක්ක මේක ගොඩගන්නවා බොරු කියලා. යකෝ සිංහලයා කියන්නේ බූරුවෝම තමයි කියලා දැන් තමයි හරියටම පේන්නේ...
ගෙන්න ගන්නේ නැහැ නොවෙයි ගෙන්න ගන්න බැහැ... මයිනාට කෙලින් හිට ගන්නත් දෙන්නෙක් ඕනෑ, අනිත් අයට නම් නෑ මොලයව නලවන්න වුවමනාවක් නැහැනේ ඒ නිසා එන්නේම නැහැ..
බලලෝභී, බඩගෝස්තරවාදියෝ? ජනතාව රවට්ටපු රීරි මාන්ස හූරාගෙන කාපු අය. ආසියාවේ ආස්චර්ය, සෞභාග්‍යයේ දැක්ම පෙන්නුවා කියලා කියන්නද?
රට බන්කොලොත් කරපු ,ජනතාව පන්නපු හිටපු ජනපතිලාට ඇදුම් නැතිව තමා එන්න වෙන්නේ?
හොරු තක්කඩින්ගේ කාලය අවසානයි.
දෙන්නෙක් 22ක් රැකලා... තුන්දෙනෙක් 10යි රජ කළේ...