(සුජිත් හේවාජුලිගේ)

මෙවර උසස් පෙළ විභාගය සඳහා පැවැත්වෙන සියලුම උපකාරක පන්ති පැවැත්වීම, විෂයානුබද්ධ සම්මන්ත්‍රණ , දේශන  සහ වැඩමුළු පැවැත්වීම සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම ඇතුළු විභාගය සම්බන්ධ සියලුම ප්‍රචාරණ කටයුතු හෙට (04)   මධ්‍යම රාත්‍රි 12 සිට තහනම්  බව විභාග කොමසාරිස් ජනරාල්  ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය  කීවාය.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එළැඹෙන 10 වැනිදා සිට දෙසැම්බර් මස 5 වැනි දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්වේ.

විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 246,521ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 94,004ක් ඇතුළුව සම්පූර්ණ අයදුම්කරුවෝ  340,525ක් පෙනී සිටිති.