
වෙත්තලකේනි ප්‍රදේශයට ඔබ්බෙන් සහ අනලතිව් දූපතට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, මෙරට මුහුදු තීරයේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා හතරක් සමඟ ඉන්දීය ධීවරයන් 35 නාවික හමුදා බාරයට ගෙන ඇත.
ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් සිදු කරනු ලබන නීති විරෝධි ධීවර කටයුතු මඟින්, සමුද්‍රීය පරිසරය වෙත සහ දේශීය ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය වෙත සිදුවන අහිතකර බලපෑම වැලැක්වීම සඳහා, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසල්වැසි සහ ලංකාවට බොහෝ සේ උදව් කරන රජයක් නිසා මෙහෙ ප්‍රශ්නය විසඳන්නට වෙන්නේ බොහොම සිරු මාරුවටයි මෙවැනි දෙවල් වළක්වන්න නම් අපගේ මුහුදු සීමාවේ ගැහැව්වා වගේ වෙන්න දේශ සීමා නාවික මුර යාත්‍රා තියෙන ලොකු බල ඇණියක් ඕනැ..