
(අංජුල මහික වීරරත්න)
විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකෝන් මහත්මිය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II තනතුරේ වැඩ බාර ගැනීම අද (03) සිදු විය.
වැඩ බාර ගැනීමේ අවස්ථාවට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන් මහත්මිය වෙත සිය සුබ පැතුම් එක් කරමින් කියා සිටියේ මෙම අංශය යටතේ සිදුවන ප්‍රධාන කටයුත්තක් වන වෛද්‍ය නිලධාරින්ගේ ආයතනික රාජකාරී පිළිබඳ අවශ්‍ය නිසි කටයුතු ඉටු කිරීමට අවශ්‍ය දැනුම, කුසලතාව, ආකල්ප මෙන්ම කුසලතාවය ද විශේෂඥ වෛද්‍ය සමිද්ධි සමරකොන් මහත්මිය සතුව ඇති බවයි.
වෛද්‍ය නිලධාරීන් සම්බන්ධ ආයතනික රාජකාරී කටයුතු විධිමත් කිරීමට කටයුතු කිරීම තුළ ශ්‍රී ලාංකීය ජනතාව වෙත වෛද්‍යවරුන් විසින් ලබාදෙන සේවා උපරිමයෙන් ලබාදීමට දිරිගන්වන ආයතනික පරිසරයක් නිර්මාණය කිරීමට නව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරියට හැකි වනු ඇති බවද සෞඛ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබීය.
සමිද්ධි සමරකොන් මහත්මිය කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, මාතර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආයතන, පුහුණු හා පර්යේෂණ වැනි තනතුරු ගණනාවක් හොඹවා ඇත.
2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
සමිද්ධි සමරකෝන්ට තනතුරක්
Colombo Citizen Tuesday, 04 November 2025 06:45 AM
අපේ බදු මුදල් ඇගේ වෛද්‍ය අධ්‍යාපනයට වියදම් කිරීමෙන් පසු, ඇය පරිපාලනය කරනවා. මේ රටේ මොන විහිළුවක්ද?