
(අජිත්ලාල් ශාන්ත උදය , ජයන්ත නානායක්කාර සහ රෝහණ සමරවීර)
රට පුරා ව්‍යාප්ත වී මහා විවසනයක්ව පවතින මත්ද්‍රවය උවදුර මැඩපැවැත්වීමට ජනාධිපතිවරයා අතිශයින් වැදගත් වැඩසටහනකට නායකත්වය දෙද්දී, සමාගම් හයකට ගංජා වගාකිරීමට අක්කර 66ක් දීමෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන තුළ දෙබිඩි පිළිවෙතක් ඇති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ .
තව දුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියෝ , "ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් රට කළ කිසිදු නායකයකු නොගත් පියවරක් මත්ද්‍රවය උවදුර විනාශ කිරීමට ගන්නා බව එදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී සපථ කළා.
ඇත්ත වශයෙන් ම ඒ තීරණය අතිශයින් ම වැදගත්. රටේ දියුණුව , අනාගත පරපුරේ යහ පැවැත්ම, දියුණුව සහ සංසංවර්ධනය බලාපොරොත්තු වෙන හැමෝම එය අගයකළ යුතුයි.
අපි අගය කරනවා. එය එසේ තිබියදී අපනයනය සදහා යැයි කියමින් සමාගම් හයකට ගංජා වවන්න අක්කර 66ක් දීලා. හෝද හෝදා මඩේදාන වැඩක් මේක.
ගංජා වැවීමට අවසරදීම මුලුමනින්ම රාජ්‍ය ව්‍යවස්ථාව පටහැනි ක්‍රියාවක් . 1929 අංක 17 දරණ විෂ අභිං පනත තවමත් ක්‍රියාත්මක යි. ඒ අනුව ගංජා වැවීම , ළග තබාගැනීම , අපනයනය, ආනයනය ,විකිණීම සපුරා තහනම් . ඊට අමතරව රේගු , ආයුර්වේද ,ආහාර වැනි අණ පනත් වලිනුත් ගංජා ප්‍රවර්ධනය කරන්න බැහැ. පහුගිය ආණ්ඩුවට ගෙදර යන්න වුනෙත් ඩයනාගේ ගංජා ප්‍රවර්ධන ක්‍රියාවන් නිසයි. නිදා සිටින විපක්ෂය අවදි කරන යෝජනාව ක් මේක. අපි මහා සංඝරත්නය, සිවිල් සංවිධාන , පුරවැසියන් විදියට රජයට කියනවා වහාම මේ අපනයනය සදහා ගංජා වගාකිරීමට ඉඩදීමේ ව්‍යාපෘතිය නවත්වන්න කියලා.
" පාතාලය, කුඩු මර්දනයට ගත්ත ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනියන්න. හොරකමට, වංචාවට , දූෂණයට එරෙහිව මිනිස්සු පාරට බැහැලා ඒවාට අනුබල දුන් පාලකයෝ ගෙදර යවපු ජනතාවක් ඉන්න රටක්. රටට නොගැලපෙන තීරණ ගැනීම රජයේ පැවත්මටත් බධා වෙන්න පුලුවන්. අපනයනය සදහා ගංජා වවන්න අවසර දුන්නා නම් ඒ තීරණය ගත්ත සක්‍යතා අධ්‍යයන වාර්තාව කෝ. අපනයනය කරන්නේ මොන රටවල් වලට ද? ඒ සදහා අත්සන කළ ගිවිසුම මොකක්ද? යම් විදියකින් ඒ රටවල් ගංජා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළොත්, ඒවා රටතුලට නේද නැවත එන්නෙ. එහෙම් නොඑන්න තියන වැඩ පිළිවෙළක් තියෙනවා ද? මේවා ගැන රටම බලා ඉන්නවා . ඒ නිසා ගංජා වැවීමට අවසර දීමේ ක්‍රියාව වහාම නවත්වන්න කියලා ජනාධිපතිතුමගෙන් සහ රජයෙන් අපි ඉල්ලා සිටිනවා" යැයි ද සෝභිත හිමියෝ කීහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවනේ ඇත්ත නොදැන ජනතාවට වැරැදි අවබෝධයක් දෙන්න එපා. ලංකාවේ නැතත් සමහර රටවල්වල ගංජා නොහොත් කැනබීස් ඖෂධයක් ලෙස සහ අනිකුත් මත්පැන් ලෙස පාවිච්චියට අවසර දී තිබෙනවා. මේවා ඒ රටවලට විෂාල මිලකට අපනයනය කළ හැකියි. අවසර දී ඇත්තේ වගා කර එසේ අපනයනයටයි. ලංකාවේ මිනිස්සුන්ට විකිනීමට නොවෙයි. වික්ටෝරියා සික්රට් නිපැයුම් ලංකාවට අසංවර වුණත් ඒවා නිපදවන්නේ ලංකාවේ කම්හල්වල. තව මෙවැනි ලංකාවේ නිපදවන දෑ බොහෝයි. මේ ගංජා නිපැයුම් ලංකාවේ ආයෝජන අපනයන ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමෙන් අපේ රටේ මත් උවදුර මැඩීමට කිසිදු බලපෑමක් වන්නේ නැහැ. ඒ හරියට අර චීවරධාරී ස්ත්රී ධූෂකයා නිසා නිර්මල බුදු දහමට හානියක් නොවන්නාක් සේමයි.
මේ නිෂ්පාදනය දේශීය පරිබෝජනය සදහා නොවෙයි නේද? අපේ අය බීලා මැරෙන්න හැදුවාට ලෝකේ මිනිස්සු මේ පැලෑටි වලින් වැඩක් ගන්නවා.
ඒ අපනයනයට පමණයි. අනෙක රජකාලේ ගැන උදම් අනන, අතීත කාමයෙන් උන්මාද වුණ අයට මේක රජකාලේ වැව්ව කියල තේරුම්ගන්න බැහැ. ඒක තහනම් කලේ මේ අය විරෝධය පාන සුද්දෝ. සුද්දන්ගේ දේවල් කරතියන් ඉන්නේ දැන් කවුද?
මෙයාට ඕනෑ අවධානය... එච්චරයි.
මට තේරෙන්නේ නැහැ වැරැද්ද මොකද්ද කියලා...
මෙන්න මේ වගේ සිවුරු රඳවන වලට මුලින්ම මේ ගංජා ගැන හරියට කියලා දෙන්න ඕනේ.. මේ විදියට බැලුවාම කම්මල් වල පිහි හදන එකත් නවත්තන්න වෙනවා. මොකද කිව්වොත් පිහිවලින් කපලා කොටලා මිනී මරන්න වුණත් පුළුවන් නිසා...
රජයේ අදීක්ෂණය යටතේ අපනයනය සදහා පමණයි... මේ ව්‍යාපෘතිය පටන්ගත්තේ.. ඔබ වහන්සේලාට වගේ හැමදේම නොමිලේ ලැබෙන්නේ නැහැ රජයකට... ඒ නිසා අනවශ්‍ය ව්‍යවස්තා ලෙඩ මතුකරන්නේ නැතිව ටිකක් ඉවසලා ඉම්මු.. මේ ගංජා දේශීය අය අතට පත්වෙනවා කියලා දැනුනොත් එදාට අභියෝග කරමු. හැම මගුලකටම සිරුර උස්සාගෙන ඇනයක් වෙන්න එපා. රටේ මිනිස්සුන්ට දැන් කහ රෙදි අරහන් වෙලා පීචන් වෙලා ඉන්නේ...
අනේ, තමන්ගේ වැඩේ කරගෙන ඉන්න රට හදන වැඩේ එයාලා කරයි...
බෞද්ධ සංඝයා දේශපාලනයෙන් වැළකී සිටීමට වඩා හොඳයි.
කාරණා දෙකක් පටලවා ගන්න එපා, ඒ වගේම පටලවන්නත් එපා...
ගංජා වවලා අස්වැන්නෙන් මොනවාද කරන්නේ කියලත් හොයා බලලා කතා කරන්න අවසර...
හැම මගුලටම කට දාන්නේ නැතිව, කරන්න පුළුවන් දෙයක් කරන්න. ඔහෙලා මෙච්චර කල් කඩේ ගිය නායකයෝ රටට කරපු දේවල් දන්නවනේ නේද? දැන් මේ මනුස්සයාට මේක කරන්න දෙන්න.
සුරාමේරය මජ්ජපමා කියලා, බුලත් විට කන්නේ මොකද දන්නේ නෑ. ගංජා, අයිස්, හෙරොයින්, දුම්කොළ වලත් වෙනස වටහා ගන්න අපේ හාමුදුරුවනේ...
දැන්වත් මහණ දම් පුරන්න. ගංජා වවන්නේ මත් ද්‍රව්‍යයක් විධියට පාවිච්චි කරන්න නොවෙයි කියලා තේරුම් ගන්න. ගංජා බෙහෙතක් බව දියුණු ලෝකය පිළිගනිමින් සිටිනවා. 2018 සිට කැනඩාව ගංජා මහජනතාවට පාවිච්චි කිරීමට නිදහස ලබාදී තියෙනවා. ලංකාව හැමදාම සම්ප්‍රදායික ලෙස සිතුවොත්, කවදාවත් ගොඩයාමක් නැහැ.
1929 දාපු පර සුද්දගෙ නීතිවලට යටත් වෙලා අපේ හෙළකම තාමත් පාගන් ඉන්න මේ වගේ ඇත්ත දකින්න පිළිගන්න බැරි උදවියගේ ලෝකෙ දිහා බලන මිත්‍යා ගැති, පරගැති රාමුව ඔලුවෙන් ගලෝලා විවුර්තව ලෝකෙ දිහා බලලා විද්‍යාව එක්ක කොච්චර නම් දේවල් ඇත්ත, බොරු වෙලාද කියලා හොදයි දකින්න.
අනේ හාමුදුරුවනේ ඇයි මේ..?
ගංජා වැඩේ හොද නැත හාමුදුරැවෝ හරි
මේ නාකි මයිනගෙ. ලගම. ලගම පන්දම. අන්න අර ජාති බේද අව්ස්සලා හිරේහිටිය හාමුදුරු. අජාසත්ත. එයාට මරන තර්ජන තියෙනවා කියලා ආරක්ශාව. ඉල්ලනවා. ඒවා ගැන ටිකක් හොයලා. දුර වන්නියක හරි එයාව නතර කරන්න. කොහොමද. පාතාලයෙන් මෙහෙම වෙන්නෙ කියන එක. එදත් මේරට හදා ගන්න බැරිවුනේ.ත්. අදත් මේ රට හදාගන්න බැරි වෙන්නෙත්. මේ වගේ සිව්‍ර පොරවන් ඉන්න. ආගමවිකුනම් කමින්. ජනතාවට සේවයක් නොකර පිනට කන. මහත්තුරු නිසා මේ අයට කොහොමෆ්හහාමුදුරුවෝ කියලා කියන්නෙ. රටේ කුඩු ගහන්නෙ ගෙන්වන්නෙ බගයක්ම බවුද්දයින් ඉතින් මේ අය යහමගට ගන්නෙ කොහොමද මේ අයටත් මරන තර් ජනනම්
ගංජා ගහගෙන බෝක්කු උඩට වෙලා කාලෙ කාපු මාලිමාවේ බෝක්කු සංගමේ කලබල වෙලා.
නියාමනයක් ඇතුව , නිසි ආරක්ෂාවක්, වැඩ පිළිවෙලක් ඇතුව කරනවානම් අවුලක් වෙන එකක් නැහැ මම හිතන්නේ
ඩ්‍රග්ස් හෙරොයින්... ගෝඩ් ෆාදර්ස්...