
(අංජුල මහික වීරරත්න)
රටේ පවතින දැඩි සේවා අවශ්‍යතාව මත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 183 දෙනෙකු බඳවා ගත් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.
මේ වන විට ඔවුන්ට අවශ්‍ය පුහුණුව ද ලබා දී දිවයින පුරා පිහිටි සේවා ස්ථාන වෙත අනුයුක්ත කර ඇති බව අමාත්‍යවරයා කීය.
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් පත් කළ කමිටුවේ නිර්දේශ මත ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ පවතින පුරප්පාඩු 299 පිරවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම පුරප්පාඩුවලින් විවෘත පදනම මත ඉංජිනේරුවන් 226 දෙනෙකු ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා විවෘත තරග විභාගය 2025 මාර්තු 15 වන දින පවත්වන ලද බව අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
183 දෙනා බදවා ගත්තේ මොන පදනමෙන්ද කියල දැනගැනීමට අවශ්‍ය නැදද කියනකොට එහෙමට වුනත් මහරජාණෙනි මට වෙනු සමා කරනකොට මෙහෙමමයි එය වලකන්න බැහැ නේද