
(දයාරත්න ඇඹෝගම)
රජරට විශ්වවිද්‍යාලීය පාලක සභාව විසින්, උපකුලපති තනතුර සඳහා නම් කොට යවන ලද නාම යෝජනා තුන පසෙකලා මාස හතරකට පසුව කිසිදු හේතුවක් නොදන්වා අලුතෙන් නාමයෝජනා තුනක් එවන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සිදුකළ දැනුම් දිමට විරෝධය පළ කරමින් රජරට විශ්ව විද්‍යාලීය ආචාර්ය සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව සභාපති නාලක ගීකියනගේ මහතා පවසයි.
රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් මේ දිනවල විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන් රාජකාරි වල නිරතව සිටියද දේශන පැවැත්විම ඇතුළු අනෙකුත් පරිපාලන කටයුතු වලින් බැහැරව සිටිති.
රජරට විශ්වවිද්‍යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි සභාපතිවරයා මේ බව පැවසිය.
එම මාධ්‍ය හමුවේදි වැඩි දුරටත් අදහස් දක්වමින් රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති නාලක ගීකියනගේ මහතා මේසේද පැවසිය.
“ වත්මන් වැඩ බලන උපකුලපතිවරයාගේ සහ ලේඛකාධිකාරිවරියගේ අත්තනෝමතික, අනීතික සහ විනය විරෝධී වැඩපිළිවෙලට ප්‍රතිචාර වශයෙන්, අඛණ්ඩ වැඩ වර්ජනයක් ආචාර්යවරුන් පසුගිය මස 30 වැනිදා සිටි ආරම්භ කොට තිබේනවා.වත්මන් වැඩ බලන උපකුලපති තුමන් සහ ලේඛකාධිකාරීතුමිය ඉතාමත් අත්තනෝමතික අයුරින්, විශ්ව විද්‍යාලීය පාලක සභාවේ තදබල විරෝධය ද නොතකා මේ වන විට අලුතෙන් උපකුලපති තනතුර සඳහා අයදුම්පත් කැඳවීමට පුවත්පත් දැන්වීමක් පළ කොට තිබෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පොහොට්ටුවේ ආචාර්යවරුන්ට ඕනෑ විදිහටද උපකුලපති පත් කරන්න ඕනි. මහින්ද පතිරණ පත් කරගනින්.
ඔන්න තව මගුලක් පටන් ගත්ත, මේ ගොල්ල හිතන් ඉන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල අර ඔක්ස්ෆෝර්ඩ් , හර්වර්ඩ් වගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පලවෙනි 10 ඇතුලේ තිබෙන ඒවා කියල ඔයගොල්ල ඉන්නේ ශ්‍රේණිගත කිරීම් වල 1000 ටත් පහල , ඉතින් ඔය ගොල්ල වර්ජනය කල කියල කවුරුවත් එච්චර කල බල වෙන්නේ නැහැ , අමාරුවේ වැටෙන්නේ අහිංසක දරුවෝ
ඕක බිගුච්චන් එකක් නෙවේ , ඉස්සර තිබුන 8 පාස් ආණ්ඩු වගේ නොවේ වැඩ කරන්න බැරිනම් ගෙදර යන්න පාර්ලිමේන්තුව පුරවල ඉන්නවා අපිට ආචාර්ය , මහාචාර්යවරු , දුරාචාරවරු වැනි ඕනේ බඩුවක් , අවශ්‍ය නම් සෙට් එකක් එවන්නම් ප්‍රශ්නේ විසදන්න , පාර්ලිමේන්තුවේ ඉන්න වඩේ කාරය එවුවත් වැඩේ ගොඩ දමල දෙවි , අට සමත් එකා වුනත් උත් එක්ක කට ගහන්න මහාචාර්යවරුන්ටත් බැහැ ,
අපි විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ, උපකුලපතිවරුන් පත් කිරීමට ආචාර්ය මණ්ඩලය කිසි විටෙකත් සම්බන්ධ වූයේ නැත. දැන් මෙම පත්වීම්වලට ගුරු මණ්ඩලය සම්බන්ධ වීමට උත්සාහ කිරීම දැකීම කණගාටුවට කරුණකි.
මේ වගේ මෝඩ දේවල් කරන අය අයින් කරලා අලුතින් බදවා ගන්න.
මෙතන මොකක් හෝ නීතිවිරෝධී දෙයක් වෙලා තියෙනවද?