IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


වැල්ලේ සාරංගගේ ගෝලයෙක් අල්ලයි

(ඉන්දිකා රාමනායක) 

මෝදර ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙසට හැඳින්වෙන වැල්ලේ සාරංග කැමැත්තාගේ ඝාතන රැසකට සම්බන්ධ ගෝලයකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය සමිට්පුර පදිංචි (25) තරුණයෙකු බවත් අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27 ට ආසන්න ප්‍රමාණයක් තිබූ බව පොලිසිය කියයි. 

අත්අඩංගුවට ගත් සැකකරු ඝාතන හතරකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය කියයි. 

2022 වසරේදී ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කර කැලණි ගඟට දැමීම, 2023 වසරේදී සමිට්පුර ප්‍රදේශයේදී කාන්තාවක් පිහියකින් ඇන ඝාතනය කිරීම, එම වසරේම අලිවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කිරීම, එම වසරේම බේරුවල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම, 2025 වසරේදී වත්තල  ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා පුද්ගලයෙකු ඝාතනය කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනා බව පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (0)

වැල්ලේ සාරංගගේ ගෝලයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1869 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1506 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 528 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site