
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ පළමු මාස 10දී මෙරටට වාහන 250,000 ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් රේගුව ඉපැයූ බදු ආදායම රුපියල් කෝටි 63,000 ක් බවත් ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේය.
පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 1000 කටත් වඩා වැඩි ප්‍රතිශතයකි.
මෙම වසරේ පළමු මාස 9 තුළ පමණක් මෙරට වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 36,431 ක් පමණ) මුදලක් වියදම් කර ඇති අතර වාහන ආනයනය වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
වාහන ආනයනයට වැඩිම මුදලක් වැයකර ඇත්තේ පසුගිය සැප්තැම්බර් මාසයේ වන අතර පසුගිය සැප්තැම්බර් මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 286 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 8682 ක් පමණ) මුදලක් ශ්‍රී ලංකාව වැයකර තිබිණි.
වාහන ආනයන වියදමට පෞද්ගලික වාහන මෙන්ම වාණිජ වාහන ආනයනය කිරීමට ගීය වියදමද ඇතුළත් වන බව දත්ත වාර්තා පෙන්වා දුන්නේය. මහ බැංකුවේ දත්ත වාර්තාවලට අනුව අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 134 ක් වියදම් කර තිබූ අතර මැයි මාසයේදී ඩොලර් මිලියන 118 ක් මුදලක් වාහන ආනයනය කිරීම සඳහා වියදම් කර තිබිණි. එසේම ජූනි මාසයේදී ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 163 ක මුදලක්ද, ජූලි මාසයේදී මෙරටට වාහන ආනයනය කිරීමට ඩොලර් මිලියන 193 ක මුදලක්ද වැයකර ඇත. පසුගිය අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 249 ක මුදලක් වියදම් කර තිබිණි.
ඒ අනුව ජනවාරි සිට මාර්තු දක්වා කාලය සඳහා ශ්‍රී ලංකාව වාහන ආනයනය කිරීමට ඇමෙරිකානු ඩොලර් මිලියන 61 ක මුදලක් වැයකර තිබුණේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
666 / 5,000 වර්තමාන දේශපාලනඥයන් තරුණයන්ව මහා රැවටීමකට ලක් කර තිබුණා. ව්‍යාපාරික ධන කුවේරයින්ට, ටියුෂන් මාස්ටර්වරුන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන්ට සහ අනෙකුත් ඉහළ පෙළේ රජයේ නිලධාරීන්ට තමන්ට අවශ්‍ය පරිදි වාහන ගෙන ඒමට ඉඩ දෙන අතරම, අනුර සහ කණ්ඩායම තරුණයින්ට අවම වශයෙන් දැරිය හැකි මිලකට සෙකන්ඩ් හෑන්ඩ් ජපන් වාහන අවශ්‍ය බව පහසුවෙන් අමතක කළා. නැහැ. ඔවුන් එහෙම කළේ නැහැ. මධ්‍යම පාන්තික ජනතාවට කිසිම ප්‍රතිලාභයක් තිබුණේ නැහැ. දැන්, වාහන ආනයන මාෆාව සහ මුදල් ඇමති ලෙස අනුරගේ පාලනයට සහ ඔහුගේ වංචනික මහ බැංකු පාලකයාට ස්තූතිවන්ත වෙමින් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉහළ ගියා. ගැටලුව වන්නේ තවමත් එන්පීපී වහලුන් මෙය ප්‍රසිද්ධියේ සුදු හුනු ගෑම නිසා රජය හොඳින් කරන බව ප්‍රශංසා කිරීමයි.
රට බංකොලොත් කරන්න දායක වෙන ප්‍රධානතම පිරිස තමයි සුඛෝපභෝගී ජීවිත ගෙවන පිරිස . අලුතෙන් වැඩි වුන වාහන වලට යන තෙල් සහ නඩත්තු වියදමත් ඩොලර් වලින් දාන්න. එතකොට ප්ලේන් පස්සෙ අපේ ඩොලර් දියව් කියල දුවපු බූරුවන්ට ආයෙ එහෙම හිතෙන එකක් නෑ.
අනුර මට ලැම්බෝගිනියක් දෙන්න.
පාරවල් නම් ලොකුවෙනවා දකින්නට නැහැ. පුදුම වාහන තදබදයක් තියෙන්නේ පාරවල් වල...