
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රථ වාහන වරදකට මෝටර් රථයක් නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යද්දී එය පැද වූ කාන්තාව ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයකුගේ නැගණිය බව පවසමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී පලායමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ බේස්ලයින් පාරපදිංචි වයස අවුරුදු 46 ක කාන්තාවකි
සිදුකළ විමර්ශනවලදී ඇය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ කිසිදු ඥාති සම්බන්ධතාවයක් තිබෙන තැනැත්තියක් නොවන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි
රථ වාහන අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් ගම්පහ උඩුගම්පොළ පොළහන්දියේදී කාන්තාව කළ වරද හේතුවෙන් සැකකාරියගේ මෝටර් රථය නවතා නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ඉතා අසෝබන ලෙස පොලිස් නිලධාරීන් දෙසට ඇඟිල්ල දිගු කරමින් බැන වදින ආකාරය ජංගම දුරකථනයක ද සටහන් ඇතැයි පොලිසිය කියයි
සැකකාරියට එරෙහිව අන් අයෙකු ලෙස පෙනී සිටීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා සිදුකළ රථවාහන වරදට අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියා GIG වුනා වුණත් පොලිසිය ඔවුන්ගේ බූදලයක් නොවෙයි කියලා කවුරු හෝ පැහැදිලි කරලා දුන්නා නම් හරි... සමහර ගෑනු ඉන්නවා තමන්ගේ හිතවත් පොලිස් කාරයින්ට කියලා විරුද්ධවාදින්ගෙන් පලිගැනීම කරන අය. අපේ පැත්තේ ට්‍රැෆික් කාරයෙක් එහෙම කළා. ඒවා ගැනත් බලන්න ඕනෑ. ඒ නිසා කවුද හරි කියන්න අමාරුයි.
ප්‍රයිවෙට් බස් කාරයෝ, ත්‍රීවීල් කාරයෝ තනි ඉර නොවෙයි ඩබල් ඉරත් කපන් යද්දී දැක්කේ නෑ වගේ ඉන්න අයියලා, ගෑනියෙක්ගේ පොඩි වරදටත් ඇක්ෂන්...
ඒ නම්කල නිලධාරියාත් හරිම, හරිම, හරිම කීර්තිමත් චරිතයක්...
පැමිණිල්ල ඉදිරිපත්කල පොලිස් නිලධාරින් ඉතාම වැදගත් චෝදනාව ඉදිරිපත්කර නැහැ. ඒ කියන්නේ පොලිසියේ ඉහළ නිළධාරි කෙනෙකුගේ තනතුර අපකීර්තියට පත්කිරීම සමග පොදුවේ පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත්කිරීම ගැන අවධානයට යොමුවෙලා නැහැ.