
(රොෂන් තුෂාර)
නියමිත ක්‍රියාපටිපාටියෙන් බැහැරව රුපියල් කෝටි 9 කට අධික වටිනාකමින් යුත් තාවකාලික ගබඩා 50 ක් සීමා සහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙනුවෙන් ආනයනය කර රජයට පාඩු කළේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා නියෝග කළේය .
සැකකරුට ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2ක් සහ රුපියල් 50,000 ක මුදල් ඇපයක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියම කළේය .
සැකකරු අල්ලස් කොමිසම විසින් ඊයේ පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කළේය .
අල්ලස් කොමිසම බී වාර්තාවක් ගොනු කරමින් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් 2015 වර්ෂයේදී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව තාවකාලික ගබඩා 50 ක් ආනයනය කිරීම මගින් , රජයට රුපියල් 99,679,799.70 ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශව වෙත සලසාදීම යන චෝදනාවනට මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවය.
සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් කියා සිටියේ සැකකරු සභාපතිවරයා ලෙස මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් කිසිදු පුද්ගලික වාසියක් ලබා නොමැති බවය.විමර්ශනයට සහාය දක්වන බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කරමින් ජනවාරි 16 දින වැඩිදුර වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 04
736
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාණිජ නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප