
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නිදහස් මාවතේ පිහිටි නිල නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරගනිමින් සිටින්නීය.
ජනපති හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ ඉකුත්දා සම්මත වූ අතර ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ට රජයෙන් ලබා දී තිබූ නිල නිවාස වලින් ඉවත්වීමට සිදුවිය.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අසනීප තත්ත්වය නිසා නිල නිවසින් ඉවත් වීමට නොවැම්බර් 30 දක්වා කල් ඉල්ලා තිබිණි.
නමුත් මේ දිනවල හිටපු ජනපතිනිය නිවසින් ඉවත්වීම සඳහා බඩු මුට්ටු ඉවත් කරමින් සිටින අතර ඉදිරි දින දෙක තුන ඇතුළත ඇය නිල නිවසින් ඉවත් වනු ඇතැයි ඇයගේ මාධ්‍ය අංශය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 5 හෝ 10 සම්පූර්ණ කළ රටට ගෞරවාන්තික සේවයක් කළ ජනාධිපතිවරුන්ට නිල නිවසක් දීම අපරාධයක් නොවේ. මෙතැන තියෙන ප්රශ්නය අපේ රටේ හිටපු ඔක්කොම රට කන්න. විනාශ කරන්න දායක වීම. ඒ අර්ථයෙන් බැලුවාම මේ ටික එළවීම 100%ක් යුක්ති සහගතයි...
සනත් ගුණතිලක නම් දැන් කසාද බැදලා.
"තන්හා ජායති සෝකෝ" බුදු වදනක්. අපි හැමෝම මතක තියාගන්න ඕනෑ මේ සියලු දේවල්, දවසක අපිට දාලා යන්න වෙන විත්තිය. එහෙම හිතාගෙන වැඩ කරා නම් ඔය වගේ තැන් දාලා යන්න දුක හිතෙන්නේ නැහැ.
සබ්බං පහාය ගමනීයන්...