
(මොහොමඩ් ආසික්)
ඉන්දියාවේදී පැවැති 2025 ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළු සාෆියා යමික් ක්‍රීඩිකාව පිළි ගැනීමේ උත්සවයක් ඇය උපන් මහනුවර කටුකැලේ සිය ගම් ප්‍රදේශයෙදී අද පැවැත්විණි.
තමන් උපන් මහනුවර කටුකැලේ සිය ගම් ප්‍රදේශයට ඇය පැමිණෙන අවස්ථාවේදී ඇය පිළිගැනීම සඳහා චාම් එහෙත් ගාම්භීර උත්සවයක් ප්‍රදේශවාසින් විසින් සංවිධානය කර තිබිණි.
මෙම පිළිගැනීමේ උත්සවයට මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙම පිළිගැනීමේ උත්සවයේදී සෆියා තමන්ට හිමි වු රන් පදක්කම් පියා වූ ජේ.එම්. යාමික් මහතාට,මවට ද පුහුණුකරුට පැළඳවීමටද පියවර ගත්තාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති, ආගම්, කුල ආදී භේද නොසළකා, සුදුස්සාට, දක්ෂයාට තැන දීමෙන් රටම දිනවිය හැකියි. චන්දය භාවිතා කිරීමේදීත් ජනතාව එම වගකීම ගැන සිතීම ඉතා වැදගත්.
රටේ දිරිය දියනියට අපේ සුභ පැතුම්!
සාඵියා දියනියට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි.
සුභ පතම්. කලකට ඉහතදි සුසන්තිකා කියලා කෙනෙකුවත් ඔයිට වඩා හරසරින් පිළිගත්තා, හැබැයි අද වන විට සුසන්තිකාට මොකක් වුණාද කියලාත් කවුරුවත් දන්නේ නෑ. ක්‍රීඩා හොඳයි, හැබැයි අධ්‍යාපනයට මුල් තැන දෙන්න.
ඇත්තටම ඒ තාත්තා ඒ පැළඳවීම ලබන්න සුදුස්සෙක්. බාධක මැද ලොකු අවදානමක් ඇරගෙන, තමන්ගේ දුව මේ වගේ තරඟ ඉසව්වකට සූදානම් කිරීම ලේසි පහසු දෙයක් නෙමේ.
බලන් කඩතුරා හැර දෑසේ
රටට ජයග්‍රහණය අවශ්‍යම මොහොතේ ඔබ රැගෙන ආ මේ සුවිශේෂී ජයග්‍රහණයක අපිට ඉතා වැදගත්, එක අතකින් ඒක ජාතික සමගිය හා සංහිදියාව මග පෙන්වන අතර අනිත් අතින් ඒක අපව ලෝකය ඉදිරියේ අභිමානවත් ජාතියක් ලෙසින් අභිෂේක කරන්න හේතු වෙනවා ඇත.
ඉතාම ආඩම්බරයි... උණුසුම් සුබපැතුම්...
අපේ රටට අභිමානයක් ගෙන දුන් දියණිය ඔබට අපගේ ප්‍රණාමය පුදකරනවා. ඔබගේ සියලුම උත්සාහයන් සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
ෂෝ එක වැඩි වුනාමත් වැඩේ කොහු වෙනවා. ඕවා නවත්තලා ඊළඟට කරන දේ බලන්න...