EPF සේවා සීමාකරයි කම්කරු දෙපාර්තමේන්තුව සේවා සපයන සේවක අර්ථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දිවයින පුරා කම්කරු කාර්යාලවල කකටයුතු හෙට (21) සිට මේ මස 23 වැනිදා දක්වා සේවා සීමා කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 20 May 2025
හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරියට නඩු නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතී්‍යානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවීම මඟින් දඬුවම් ලැබිය යුතු වැරදි කළ බවට චෝදනා කරමින් හිටපු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය සහ වියළි කළාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ චන්දාණී බණ්ඩාර මහත්මියට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද (20) නඩු පැවරීය. 20 May 2025
’’අපට රණ විරුවා හැමදාම වීරයෙක්’’ ’’ආණ්ඩුවට රණ විරුවා සාමාන්‍ය සෙබළෙක් ලෙස දැනුනත් අපට රණවිරුවා හැමදාම වීරයෙක්’’ යැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
’’රනිල් ඉන්නේ ලෝකෙ කාලා වතුර බීලා’’ මාස දෙකක් මට තරගෙට නඩු පැවරුවා.නඩු දැම්මට කමක් නෑ.හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නෙ නැතුව, එළියේ ජරා කරන්නේ නැතුව බාත් රූම් එකේ ජරා කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
ප්රචණ්ඩත්වය උසිගන්වන අයට තදින් නීතිය ප්රචණ්ඩත්වය උසිගන්වන අයට නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 20 May 2025
පොඩි වාහන වල යන්න හිටපු මිනිස්සු දැන් පයින් යනවා පොඩි වාහන වල යන්න බලාපොරොත්තු වූ ජනතාවට මේ ආණ්ඩුව පයින් යන්න ඉඩ සලස්වා තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අමිල ප්‍රසාද් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
ආබාධිත සෙබළුන්ට ජනාධිපති කාර්යාලයෙන් වාහන රණක්ෂිතයට පත් සෙබළුන්ගේ ප්‍රතිකාර සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් පවත්වාගෙන යන සුවසහන නිකේතන සඳහා අඩුපාඩුවක්ව පැවැති වාහන 5ක් පිරිනැමීම ජනාධිපති කාර්යාලයට අයත් ශ්‍රාවස්ති පරිශ්‍රයේදී අද (20) පස්වරුවේ සිදු විණි. 20 May 2025
දිස්ත්‍රික්ක 6කට නාය අවධානම් අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ. 20 May 2025
ලංකා ආර්ථිකය ස්ථාවර තැනකට ඇවිත් මේ වන විට ලංකා ආර්ථිකය ඉතා හොඳ ස්ථාවර තැනකට පැමිණ තිබෙන බව මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ’’ආර්ථිකය ගොඩ නගන්න අවශ්‍ය කරන තල්ලුව ගැනීම සඳහා වාහන ආනයනයෙන් ලැබෙන ආදායම යොදා ගන්නවා. 20 May 2025
කටුනායක ඇඟළුම් කම්හලක් හදිසියේ වසා දමලා කටුනායක නිදහස් වෙළෙද කළාපයේ තුළ පවත්වාගෙන ගිය නෙක්ස්ට් ( NEXT ) ඇගලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව අද දින සිට දින නියමයක් නොමැතිව වසා දමා තිබේ . 20 May 2025
පොලිස් යුවළකගෙන් හිටපු පෙර පාසල් ගුරු උපදේශකවරියට තර්ජන පොලිස් පරීක්ෂකවරියකට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට ඉදිරිපත් නොවන ලෙස එම පොලිස් පරීක්ෂකවරිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු වන සැමියා සමඟ පැමිණිලිකාරියගේ නිවසට ගොස් මරණීය තර්ජන සිදු කළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොට්ටාව පොලිසිය කියයි. 20 May 2025
කොළඹ-මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්ත්වයට මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද(20) පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ-මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය දහවල් 12 ට පමණ යථාතත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 20 May 2025
අපරාධ නඩු පනතට ඉදිරිපත්වූ පෙත්සම විසි කරයි අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පෙත්සම නිෂ්ප්‍රභ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය. 20 May 2025
විගණකාධිපති තේරීම අද නව විගණකාධිපති කවුදැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වී තීරණය කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය. 20 May 2025
මුජිබුර්- දායාසිරි කෝප් සභාවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා තවත් සාමාජික මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නම් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද නිවේදනය කළේය. 20 May 2025
නීතිඥ සංගමය අල්ලස් කොමිසමට එරෙහිව අධිකරණයට යයි නීතිඥවරයකු කරන ලද රාජකාරිමය කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයත් ලබාදීම සඳහා නීතිඥවරයකු අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳව ලබන 03 දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අල්ලස් කොමිසමට අද නියෝග කළාය. 20 May 2025
අපරාධ නඩු විධාන කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය මැතිසබේට අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන)” නැමැති පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු ප්රතිපාදනයකට පටහැනි බවට නිගමනය කිරීමට කිසිදු කරුණක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද(20) දැනුම් දුන්නේය. 20 May 2025
හිටපු ජනාධිපති මහින්ද රණවිරුවන්ට උපහාර දක්වයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෝ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් රට සමුදාගැනීමේ යුද ජයග්‍රහණයේ 16 වැනි සමරුව වෙනුවෙන් පාර්ලිමේන්තුව අසළ පිහිටි රණවිරු ස්මාරකායට අද (20) පෙරවරුවේ උපහාර දැක්වූහ. 20 May 2025
රණවිරු උළලේ කලබල කළ පියකු - දරු දෙදෙනකු අත්අඩංගුවට රණවිරු උත්සවය අවස්ථාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසා කලහකාරී ලෙස හැසිරුණු පියෙකු සහ දරුවන් දෙදෙනෙකු පොලිස් භාරයට ගත් බව තලංගම පොලිසිය පවසයි. 20 May 2025
රාජ්‍ය තාන්ත්‍රික පුහුණුවට බ්‍රසීලය එක්ක ගිවිසුමක් බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය සහ බ්‍රසීල ෆෙඩරේටිව් ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ රියෝ බ්‍රැන්කෝ ආයතනය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
ටක්කෙටම අනාවැකි කියන්න ’’කාලගුණේට’’ හයියක් දෙයි දේශගුණික ඔරොත්තු දීමේ බහු - අදියර වැඩසටහන් ප්‍රවේශ ව්‍යාපෘතිය යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු මූලස්ථානයේ සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම පිණිස උපදේශන සමාගමක සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
අපරාධ නඩු විධාන සංග්‍රහය පනත වෙනස් කරන්න යයි අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට (මරණ පරීක්ෂණ) කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
’’සුරැකෙමු මගතොට’’ ව්‍යාපෘතියට අනුමැතිය ’’සුරැකෙමු මගතොට’’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
රූපවාහිනිය චීනය සමඟ ගිවිසුමක් මහජන චීන සමූහාණ්ඩුවේ චොං විං විකාශන සමූහය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
දේශීය ආදායම් පනත සංශෝධනයට දේශීය ආදායම් පනත සඳහා සංශෝධන කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
කෙහෙළියගේ නඩුවට පුතාවත් සැකකරුවකු කරයි ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට ඥාතීන්, හිතවතුන් බඳවාගෙන ඔවුන්ට රජයෙන් වැටුප් ගෙවා එම මුදල් සිය දේශපාලන කටයුතුවලට යොදවා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත හිටපු ඇමතිය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය සැකකරු ලබන 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද නියෝග කළාය. 20 May 2025
වාණිජ අධ්යක්ෂ ජනරාල් පත්කරයි වාණිජ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 20 May 2025
ආණ්ඩුව විවේචනය කිරීම නිසා අපිට තර්ජන ආණ්ඩුව විවේචනය කිරීම නිසා තමන්ට දැඩි තර්ජනයට ලක්වන්නට සිදු වී ඇති බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
මන්ත්‍රී රෝහණ බණ්ඩාරට තර්ජන එල්ල වෙලා කැබති ගොල්ලෑව මැද මැදවච්චිය පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවන්නට කටයුතු කිරීම නිසා සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 20 May 2025
මීනගයා දුම්රියේ ගැටුණු වන අලියා මියයයි හබරණ හා හතරැස් කොටුව අතරදී මීනගයා නගරාන්තර සීග්‍රගාමී දුම්රියේ අද අළුයම ගැටුණු වන අලියා මියගොස් ඇතැයි පොළොන්නරුව වනජීවී කලාප කාර්යාලය පවසයි. 20 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026