IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දුම්රිය එන්ජින් වලින් 38% ක් ධාවනයෙන් ඉවත් කරලා

( ජේ.කේ.එල්. චාමින්ද)

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති  සමස්ත දුම්රිය  එන්ජින් සහ බලවේග කට්ටල වලින්  සියයට 38ක් එනම්  දුම්රිය  එන්ජින් 103ක්  මෙම වර්ෂයේ (2025) අප්‍රේල් මස වනවිට ධාවනයෙන්  ඉවත්කොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති  නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

 දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති  සමස්ත දුම්රිය  එන්ජින් සහ බලවේග කට්ටල සංඛ්‍යාව 267කි. ධාවනයෙන් ඉවත්කොට ඇති දුම්රිය එන්ජින් අතුරින්  දුම්රිය එන්ජින් 39ක් දුම්රිය නැවතුම්පළ වලද, දුම්රිය එන්ජින් 64ක්  රත්මලාන දුම්රිය වැඩපොළෙහි වසර 08ක කාලයක් තිස්සේ නවතා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම   දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් සමස්ත දුම්රිය මැදිරි සංඛ්‍යාව 1662කි. ඉන් ඉකුත් වර්ෂයේ දි ධාවනය සදහා යොදවා ඇත්තේ දුම්රිය මැදිරි 1475කි. දුම්රිය ගැල් 1705කින්  ධාවනය සදහා යොදවා ඇත්තේ දුම්රිය ගැල් 816ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 දුම්රිය එන්ජිමක ආයුකාලය  වසර 40ක් පමණ වන අතර  එන්ජින්වල බිද වැටිම අවමකරගැනිමට  වසර 20කට පසු මහාපරිමාණ නවිකරණයක් කිරිමේ ක්‍රම වේදයක්  අනුගමනය නොකිරිම, අමතර උපාංග සහ කාර්යමණ්ඩල හිගය මේ සදහා හේතුවි ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන් කොට  ඇත.

එමෙන්ම පැරණි නොවු  එම් 07 හා එම් 09 දුම්රිය එන්ජින්වල  අමතර කොටස්  නොමැතිවිම, එම් 07 හා එම් 09 එන්ජින්  දෙකක් වසර අටක් තිස්සේ ධාවනය නොකොට නතරකොට තිබිම, ධාවනයේ දි  එන්ජින් බිදවැටිම, ආදිය අධිකවිම  මේයට හේතුවි ඇති බවද  දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විගණනයට සදහන් කොට ඇත.  මේ වනවිට ධාවනයට සුදුසු දුම්රිය එන්ජින් 165කින්  ධාවනය වන දුම්රිය එන්ජින් සංඛ්‍යාව 148ක් බවද දුම්රිය දෙපාර්තමේන්තුව  විසින්  විගණනයට සදහන් කොට ඇත.

 දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ  මෙම තොරතුරු ඇතුළත්ව ඇත.

 



අදහස් (1)

දුම්රිය එන්ජින් වලින් 38% ක් ධාවනයෙන් ඉවත් කරලා

Lokka Tuesday, 28 October 2025 02:28 PM

බොරු කතා, ලෝකෙ හොඳම ආන්ඩුව තියන රටක ඔහොම දේවල් වෙන්න පුලුවන්ද?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site