
( කුෂාන් ජයවර්ධන)
පාසැල් දැරියක් හා පියෙකු ගමන් ගත් යතුරු පැදියකට අද(28) උදෑසන මහඉලුප්පල්ලම නගරයේදී වන අලි පහර දීමට උත්සහ කර ඇති අතර, එහිදී ඔවුන් දෙනාගේ ජීවිත අනූනවයෙන් බේරී ගිය බව එම නගරෙවාසීහු පවසති.
පාසැල් දැරියක හා ඇයගේ පියා ගමන් කළ යතුරු පැදියක් මෙහිදී වන අලි ප්‍රහාරයෙන් බේරී ඇත්තේ අනූනවයෙනි.
ඒ එම දැරිය පාසැලට රැගෙන එන අවස්ථාවේදී මහඉලුප්පල්ලම නගරයේ තැපැල් කාර්යාලය ආසන්නයේ ස්ථානයකදී අද(28) උදෑසන 6.30ට පමණ සිද්දිය සිදුව තිබිණි.
එහිදී එම පියා සිය යතුරු පැදිය අතහැර දැමූ ඉඩමක් වෙත ධාවනය කර සිය දියණීයගේ හා ඔහුගේ ජීවිත බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරෑ බව ප්‍රෙද්ශවාසීහු පවසති.
ඒ අනුව එම පාසැල් දැරිවියගේ හා ඇයගේ පියාගේ ජීවිත බේරී ඇත්තේ අනූ නවයෙනි. සිද්දියට මුහුණ පෑ පාසැල් දැරිය සහ එම පියා සිද්දියෙන් තැතිගන්මට ලක්ව සිටි බව ද ප්‍රදේශවාසීහු පවසති.
අද උදෑසන නගරයට කඩා වැදුණ වන අලි කලහකාරී ලෙස නගරයේ හැසිරීම හේතුවෙන් එම නගරවැසියන් මෙන්ම මාර්ගයේ ගමන් ගත් පිරිස්ද දැඩි ජීවිත අවදානමකට මෙන්ම භීතියට පත්වූ බවත් ඇතමුන් හිස් ළූ ළූ අත දිව ගිය බවද සිද්දියට මුහුණ පෑ පිරිස් පවසති.
උදෑසන නගරයේ පාසැල් රාජකාරියේ යෙදී පොලිස් නිලධාරීන් එම අවස්ථාවේ පාසැල් දරුවන්ගේ හා මගින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් පාලනය කරමින් කටයුතු කර තිබිණි. එම සිද්දිය හේතුවෙන් නගරයේ රථවාහන තදබදයක් ද ඇතිව තිබිණ.
මහඉලුප්පල්ලම නගරය ඇතුළු ප්‍රෙද්ශයන්ට දිවා රාත්‍රී දෙකෙහිම එල්ලව ඇති මෙම වනඅලි තර්ජනය හේතුවෙන් පාසැල් දරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවිත අවදානමකට ලක්ව ඇති බවද කියති.


2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වල් අලි පහරින් පියා-දුව අනූ නවයෙන් බේරෙති
Perera Wednesday, 29 October 2025 09:37 AM
ඔය යූ එන් පී එකේ වල් අලි