
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට එකක් 2024 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සඳහා අත්අඩංගුවට පත්වී ඇතැයි පාර්ලිමේන්තු පර්යේෂණ අංශය සඳහන් කරයි.
ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2024 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය 21763170ක් වන අතර එම වසරේ මත්ද්‍රව්‍ය වැරැදි සඳහා අත්අඩංගුවට පත් වූ සමස්ත පුද්ගලයන් සංඛාව 2282450කි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2003 වසරේදී පුද්ගලයන් 162088ක්,2022 වසරේ පුද්ගලයන් 152979ක්,2021 වසරේ පුද්ගලයන් 110031ක්,2020 වසරේ පුද්ගලයන් 97416ක් වශයෙන් අත්අඩංගුවට පත්වී ඇත.
2020 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා මත්ද්‍රව්‍ය ආශ්‍රිත පුද්ගල අත්අඩංගුවට ගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමේ දී මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ පුද්ගලයන්ගේ වර්ධනයක් සිදු වී ඇති බව පාර්ලිමේන්තු පර්යේෂණ අංශය සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ අත් අඩංගුවට පත් පුද්ගලයන් ගේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවද පර්යේෂණ අංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාණ්ඩුවේ අයට ගණන් බැහැ. ලක්ෂ 200කට වැඩි ජනගහනෙන් ලක්ෂ 22ක් මත්ද්‍රව්‍ය වැරැදි නිසා අත්අඩංගුවට ගත්තා කියන්නේ සීයයට 1ක් නොවේ. ඉතින් සියයට 10කට ආසන්න පිරිසක් (ලක්ෂ 22ක් ) මත්ද්‍රව්‍ය සඳහා වැරදිකරුවන් වී අත්අඩංගුවට පත්වුණා කියන එක ටිකක් විශ්වාස කරන්නත් අමාරු සංඛ්‍යාවක්. මෙතැන මොකක් හරි වැරැදීමක් තිබෙනවා...
අනේ මන්දා..මෙයාලා ගණිතයත් ෆේල් වගේ... කවුද වැරැදි...?