
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා තේරී පත්විය.
කොළඹ දිස්ත්‍රික් බලමණ්ඩලයේ ලේකම් ලෙස කෝට්ටේ ආසන සංවිධායක, කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රනවක මහතා ද භාණ්ඩාගාරික ලෙස හෝමාගම සංවිධායක ඉසුරු අබේවර්ධන මහතා ද තේරීපත්වූහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධානය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කිරීම එම පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මරදානේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පසුගිය ඉරිදා පැවැත්විණි.
එහිදී උප ලේකම්වරු ලෙස මොරටුව ආසනය සංවිධායක සුජිත් පුෂ්පකුමාර, කොලොන්නාව ආසන සංවිධායක සමන් වෙරළුපිටිය යන මහත්වරු පත්වූහ.
කාරක සභිකයන් ලෙස රොෂාන් කොළඹගේ, තුෂාර සංජීව, මහින්ද බණ්ඩාර, අනුර අතුකෝරාල, දීපා එදිරිසිංහ සහ කුමාරී පතිරිගේ යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ. සමස්ත රටම ආවරණය වන පරිදි සියලුම දිස්ත්‍රික් බල මණ්ඩලය සහ අනුබද්ධ සංවිධාන යාවත්කාලීන කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්‍රීලනිප කොළඹ සභාපති ධූරයට ෆයිසර් මුස්තාපා
Dasun Monday, 27 October 2025 04:19 PM
මෙයා එජාප ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුත් ඉන්නවා නේද? කවදා රැවටෙන්නේ. නීතීඥ වෘත්තියෙනුත් නෙරපා හැරිය යුතුයි...
අබා Monday, 27 October 2025 06:42 PM
මුං නිකං අලි බබා සහ හොරු 40 වගේ. ඒ බැරල් ඒක බැලුවත් හොරෙක් මේ බැරල් ඒක බැලුවත් හොරෙක්..
Perera Tuesday, 28 October 2025 07:30 AM
මේකගෙ පක්ෂෙ මොකක්ද? අපි පොඩිකාලෙ සෙල්ලම් ගෙවල් හදනවා වගේනෙ මුං එක එක පක්ෂ වලට එක එක වෙලාවට රිංගන්නෙ. ගෙවල් ඉන්න තමන්ගෙම එවුන්වත් කියන්නෙ නැද්ද මේ වගේ හිරිකිත වැඩ කරන්න එපා කියලා.
ලොක්ක Tuesday, 28 October 2025 10:56 AM
අනාථයෙක් , පව්
UPALI Tuesday, 28 October 2025 12:22 PM
දීපා එදිරිසිංහ එදිරිසිංහ ට්‍රස්ට් ආයතනයට ගෙවිය යුතු සියලු මුදල් පියවා තිබේද?