
(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බව පවසා මහාපරිමාණ වංචාවක් කළ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවයෙන් ඉවත් කළ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් අරඹා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබුණු පැමිණිලි අනුව කාර්යාංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය අරඹා තිබේ.
සැකකාර හිටපු රියදුරා වංචා කරන මුදල් බැර කරන ලද ගිණුමේ හිමිකාරිය අවිස්සාවේල්ලේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර අදාල රියැදුරාට එරෙහිව මේ වන විට පැමිණිලි අටක් ලැබී ඇතැයි කාර්යාංශය පවසයි.
ඔහු රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචාකර ඇති බවට තොරතුරු අණාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd