
(දයාරත්න ඇඹෝගම)
මාමණ්ඩිය විසින් එල්ල කළ වායු රයිෆල් වෙඩිල්ලකින් වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයකුට බෑණා අද අලුයම මියගොස් ඇතැයි පොලිසිය කියයි
මේසේ මරණයට ලක්ව ඇත්තේ ඉහළගම,ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ පදිංචි කාරියප්පෙරුම මුදියන්සේලාගේ මහින්ද නවරත්න බංඩාර (57) නැමැති හිටපු පොලිස් කොස්තාපල් වරයෙකි.
මිය ගොස් සිටින පොලිස් නිලධාරීයා ගල්කිරියාම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී බිරිඳට සහ බිරිඳගේ පියාට පහරදීම හේතුවෙන් 2024.11.22 වන දින වැඩ තහනමට ලක් සිටි නිධාරියකු වන අතර මොහුට ගෘහස්ත හිංසනය යටතේ අධිකරණය මගින් බිරිඳ සිටින ස්ථානයට පැමිණිම තහනම් කර ඇති බවත් පොලිසිය කියයි.
මිය ගිය පොලිස් කොස්තාපල්වරයා වන දින අලුයම් කාලයේ දී බිරිඳගේ පියාගේ නිවසට පැමිණ බිරිද සමග ආරවුලක් ඇති කරගෙන කැත්තකින් පහරදීමට තැත් කිරීමට යාමේදී බිරිඳගේ පියා නිවසේ තිබු වායු රයිපලයෙන් වෙඩි තබා ඇතැයිද පොලිසිය පැවසිය.
මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරයා 1990 හදිසි ප්‍රතිකාර ගිලන් රථය මගින් ගලෙන්බිදුනුවැව රෝහල වෙත රැගෙනගොස් තිබු අතර එහිදි ඔහු මිය ගොස් තිබුණි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාමාගේ වෙඩි පහරින් පො.කො බෑනා මරුට