
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව හොරණ 280 බස් මාර්ගයේ යතුරු පැදි තරඟ සදහා සහභාගී වූ පැදිකරුවන් අට දෙනෙකු ඒ සදහා භාවිතා කළ යතුරු පැදි අටක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ , බ්‍රාහ්මණගම , කලල්ගොඩ , රුක්මල්ගම , බත්තරමුල්ල සහ හිරිපිටිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20 - 25 අතර වයසේ පසුවන අට දෙනකු බව පොලිසිය කියයි.
අධික ශබ්ද නගමින් ජනතාවට පීඩා ගෙන දෙමින් යතුරුපැදි තරග පවත්වන බවට 119 හදිසි ඇමතුම් අංකය හරහා පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව කොට්ටාව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරී කණ්ඩායමක් කොට්ටාව හොරණ බස් මාර්ගයට ආවේශන රාජකාරියෙන් ගොස් පරීක්ෂා කිරීමේදී කොට්ටාව හන්දියේ සිට මත්තේගොඩ හන්දිය දක්වා යතුරුපැදි තරග පවත්වමින් සිටිනු දැක තිබේ.
පසුව එම තරග සඳහා සහභාගී වූ යතුරුපැදි අටක් නවතා භාරයට ගැනීමට යාමේදී ඉන් යතුරු පැදි පහක් පලාගිය අතර පසුව පොලිස් නිලධාරීන් ඒ පසුපස හඹා ගොස් එම පැදිකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගත් බව පැවසේ.
පොලිස් භාරයට ගත් යතුරු පැදිවල කාබරේටර් , සයිලන්සර් වෙනස් කර තිබූ අතර පැති කන්නාඩි පවා ඉවත් කර තිබූණි
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රේස් පැද්ද යතුරුපැදි 8ක් අල්ලයි
ඇන්ඩෘ සෙබඩවිල Monday, 27 October 2025 12:00 PM
අපගේ මාලිමා ආණ්ඩුව විසින් වසරක් වැනි සුලු කාලයක් ඇතුළත මෙවැනි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහා මාර්ග හැදුවේ පල් මෝඩයන්ට රේස් පැදීමට නොවේ. ඉතා භයානක අන්දමින් කෙරෙන මේ සෙල්ලම නිසා ජීවිත කීයක් මේ වනවිටත් අහිමි වී ඇද්ද? මේ පාදඩයනට නොතේරෙන්නේත් එයමය. දුක් විඳින්නේ මුන්ගේ දෙමාපියන්ය.
රනේ Monday, 27 October 2025 12:37 PM
මහමග ශබ්ද නගමින් යන මෙම බයිසිකල් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස කරුණාවෙන් ඉල්ලමු.
ගුණරත්න Monday, 27 October 2025 05:12 PM
ලංකාවේ තරුණයෝ ගැන දුකත් හිතෙනවා. මේ එකක්වත් රේසින් බයිසිකල් නෙවෙයි. සාමාන්‍ය ප්‍රවාහන වැඩ සඳහා යොදාගන්න යතුරුපැදි.