ජනතාව මරබියෙන් ජීවත්වීමේ යුගය අවසන් කළා ලොව මිලේච්ඡතම කුරිරු ත්‍රස්තවාදය සහමුලින් නැති කරමින්, මේ රටේ සෑම පුරවැසියෙකුටම මාතෘ භූමියේ සෑම බිම් අඟලකම මර බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය ඇති කළ බවත් ආරක්ෂිතව සහ සමාන අයිතිවාසිකම් සහිතව ජීවත් විය හැකි රටක් නිර්මාණය කිරීම දශක ගණනාවක් පුරා රටක් ලෙසින් සාමූහිකව දුටු සිහිනය සැබෑ කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 May 2025
රුවල් නැවක් නිව්යෝක් පාලමේ හැපෙයි මෙක්සිකෝ නාවික හමුදාවේ රුවල් නෞකාවක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බෲක්ලින් පාලමේ ගැටී අනතුරට පත්විය. 18 May 2025
ජාතික රණවිරු සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් 16 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී හෙට (19) පස්වරු 4ට පැවැත්වේ. 18 May 2025
වාහන විකිණීම ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක් ජනාධිපති කාර්යාලය සතු වාහන අලෙවි කරන ලද්දේ රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරමින් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 18 May 2025
අව්කන-නෑගම්පහ දුම්රිය මාර්ගයේ යකඩ ප්ලේට් 46ක් ගලවලා ගල්නෑව පොලිස් වසමේ අව්කන සිට නෑගම්පහ දක්වා දුම්රිය මාර්ගයේ සවිකර තිබූ යකඩ ප්ලේට් 46ක් ගලවා සොරකම් කළ පුද්ගලයකු සහ ගබඩාවක තිබූ නාඩු වී මිටියක් සොරකම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි. 18 May 2025
සුව ඇමති ස්විට්සර්ලන්තයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා සමුළුවට සහභාගී වීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගියේය. 18 May 2025
ලුණු මෙට්‍රික් ටොන් 15,000 වැස්සට දියවෙයි නෙළිමට තිබු මෙට්‍රික් ටොන් පහළොස් දහසකට අධික ලුණු අස්වැන්න හදිසියෙ ඇද හැලුණ මහ වැසි සමඟ දිය වි ගිය බව පුත්තලම ලුණු වගාකරුවෝ පවසති. 18 May 2025
පුංචි මන්ත්‍රීන්ට ලොකු පුහුණුවක් පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා පැවසීය. 18 May 2025
පොලු වලින් පහරදී අයෙක් මරලා පුද්ගලික ආරවුලක් මත ඇතිවූ බහින් බස් වීමකින් පසු තලාතුඔය පොලිස් වසමේ පදිංචි 78 හැවිරිදි වැඩිහිටියෙකුට පොලු වලින් සහ ගල් වලින් පහරදී මරා දමා ඇති බව තලාතුඔය පොලීසිය පවසයි. 18 May 2025
කොටහේන වෙඩි තැබීමේ වෙඩික්කරු-යතුරුපැදිකරු අත්අඩංගුවට කොටහේන සුමිත්‍රාරාම ප්‍රදේශයේදී වෙඩි තැබීමට සම්බන්ධ වෙඩිකරු සහ යතුරු පැදිකරු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි. 18 May 2025
විදේශ ණය ඉවත් කිරීමේ පනත විවාදය 23 පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විදේශීය ණය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොකළහොත් එයද ලබන 23 වැනිදා දෙවන වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 18 May 2025
ලක්ෂ 40 ක මත්ද්‍රව්‍ය සමඟ කතක් මාට්ටු රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා හොරයින් මත්කුඩු සහ කේරල ගංජා තොගයක් සමඟ 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි. 18 May 2025
දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය පරිදි සාමාන්‍ය කාලසටහනට අනුව අද (18) සිට දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි. 18 May 2025
බොහෝ පළාත්වලට ගිගුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 18 May 2025
ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට විනිසුරුවරයෙක් පුරප්පාඩු වී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුරට විශ්‍රාමික විනිසුරුවරයකු පත් කිරීම කෙරෙහි එම සභාවේ අවධානය යොමුවී ඇත. 18 May 2025
හිටපු ජනපති අධ්යක්ෂ තුසිත හල්ඔලුව ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. 17 May 2025
දුම්රිය වර්ජනය අද රැයින් අවසන් ප්‍රධාන ඉල්ලීම් දෙකක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් ආරම්භ කළ සංකේත වැඩවර්ජනය අද (17) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය. 17 May 2025
ත්‍රීවීල් අනතුරකින් අයෙක් මරුට : කතක් රෝහලට හොරණ ගෝනපොල කෝරළඉම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී තීරෝද රථයක අනතුරකින් පුද්ගලයකු මිය ගොස් රියදුරු හා එහි ගමන් ගත් කාන්තාවක තුවාල ලබා රෝහල්ගත කළ බව මොරගහහේන පොලිසිය කියයි. 17 May 2025
ලක්ෂ 75ක දුම්වැටි සමඟ අයෙක් රේගුවේදී කොටුවෙයි රුපියල් ලක්ෂ හැත්තෑ පහක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 17 May 2025
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනය කිරීම අසාධාරණයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් සදහා විසදුම් ලබා දී තිබියදීත් මහජනතාව අපහසුතාවයට පත් කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම අසාධාරණ බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි. 17 May 2025
තුනහමාරේ දරුවා වතුර වළට බිලි වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු තුන හමාරක දරුවෙකු මිය ගොස් ඇතැයි ගල්නෑව පොලීසිය කියයි. 17 May 2025
ගල්කිස්ස වෙඩි තැබීමේ සිද්ධියේ යතුරුපැදිකරු අල්ලයි ගල්කිස්සේ වෙරළ පාර ගාලු පාර අසල දි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා පන්නිපිටිය මා කුඹුරේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයය කියයි. 17 May 2025
පුංචි මන්ත්‍රී පුටුවලට මහ ගෝරි පළාත් පාලන ආයතනවලට සභිකයන් තෝරා ගැනීමේදී බොහෝ දේශපාලන පක්ෂවල මතුවී ඇති විවිධ ගැටලු සහ අර්බුද හේතුවෙන් සභික ලැයිස්තු මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කිරීම පමාවෙමින් තිබෙන බව වාර්තාවේ. 17 May 2025
දවස පුරා අද තද වැසි ඉදිරි දින කීපයේදී බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩි විමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 May 2025
පුරපති සටනෙන් කොළඹ ගිනියම් වෙයි මෙරට තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස සැලකෙන කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ සිය උපරිම ශක්තිය පාවිච්චි කිරීම හේතුවෙන් එම සටන දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇතැයි වාර්තාවේ. 17 May 2025
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයකට: තැපැල් දුම්රියත් නවතියි දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (16) මධ්‍යම රාත්‍රි සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීම නිසාවෙන් බදුල්ල කොළඹ කොටුව රාත්‍රි තැපැල් දුම්රිය න් දෙකම මීට සුලු මොහොතකට පෙර දි අවලංගු කල බව දුම්රිය පාලන මැදිරිය පවසයි . 16 May 2025
කොටහේනේ වෙඩි තැබීමක් කොටහෛ්නේ සුමිත්‍රාරාම පාරේ වෙඩි තැබීමකින් කතක ඇතුළු දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 16 May 2025
ගාල්ල මහේස්ත්‍රාත් සරසවි සිසුනට දෙහි කපයි නවකවදය නමින් කවදා හෝ දවසක ඔබේ දරුවන්ටත් මෙවැනි අමානුෂික වද දුන්නොත් ඔබට දැනෙන හැඟිම් කෙසේවිය හැකි දැයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රුහුණු විශ්ව විද්‍යාලයේ හපුගල ඉංජිනේරු පිඨයේ සිසුන් පස් දෙනෙකුගෙන් විවෘත අධිකරණයේදී අද ප්‍රශ්න කළේය. 16 May 2025
සජිත්ගේ රැස්වීමට එන බව නාමල් කියයි පළාත් පාලන ආයතනවල බලය පිහිටවීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (17) දිනයේ පැවැත්වෙන සාකච්ඡාවට තමා සහභාගී වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය 16 May 2025
මහින්දානන්දට වරෙන්තු ව්‍යාධි ජනක කාබනික පොහොර නැවක් ආනයනය කර රුපියල් කෝටි 130 පාඩුවක් සිදු කළේ යැයි කියන විමර්ශන විභාගය සඳහා අල්ලස් කොමිසමේ පෙනී නොසිටි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (16) වරෙන්තු නිකුත් කළාය. 16 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026