
(සුජිත් හේවාජුලිගේ)
මරණීය තර්ජනයක් පිළිබඳව පැහැදිලිවම තොරතුරු අනාවරණය වී තිබියදී ජගත් විතාන මන්ත්‍රීවරයාට ඒ පිළිබඳව දැනුම් නොදුන් පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස සමග ජන බලවේගය ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පැවසුවේ මෙම තර්ජනය පිළිබඳව පොලිසිය මාසයක කාලයක පෙර සිටම දැනුවත්ව සිටි බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
විරුද්ධ දේශපාලනඥයන් මැරෙන්න ඉඩදී ආණ්ඩුව බලා සිටින තත්වයක් පෙනෙන්නට ඇතැයි කී හෙතෙම මේ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව දැඩි පියවරක් ගත යුතු බවද සඳහන් කළේය. මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ හිතන් ඉන්නේ පොලිසිය ඉන්නේ මිනිස්සුන්ගේ රීරි මාංසේත් කාපු ඔය බඩ තඩි උන්නැහේලා රකින්න විතරක්ම කියලාද? ඔහෙලාගේ නායකයෙක්ම තමයි කිව්වේ තමුන්ගේ ආරක්ෂාව තමුන් සපයාගන්න කියලා. සාමාන්‍ය මිනිස්සුන්ට දීපු ඒ අවවාදේ ඔහෙලාත් පිළිපැදලා පෙන්නන්න...
මහ ඡනතාවගේ අරාක්ෂාවට ඕනෑ දෙයක් වෙන්න කියලා... පොලිසියම මේ අයගේ ආරක්ෂාවට යොදවමු. මේ අය විතරක් ආරක්ෂා වුණාම ඇතිනේ...
ඉස්සර වගේ නොවෙයි මහත්තයෝ දැන් පොලිසිය. ඔයාලා නම් කලේ ඔයාලට විරුද්ධ අයව ගස් යවන එකයි පක්ෂ අය මොන කුණු වැඩේ කරත් රකින එකයි...
වැලිගම සහ මතුගම දෙකේම එකම දේ වෙන්න අරින්න වෙන්න ඕනෑ පොලිසිය හදන්නේ. හැබැයි ඔය පොලිස්පතිගේ ගම් පළාත වෙන දිහාවල් නැත්නම් ගම්පළාත්වත් සුද්ද කරලා ගන්න බැරිනම් පොලිස්පති තුමා ගැන මොනවා හිතන්නද මන්දා...?