
(සුජිත් හේවාජුලිගේ)
මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් එල්ලුම් ගහට නියම වුණු 826 දෙනා අතර පාසල් සිසුන් පස්දෙනෙකුද සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.
මව කල වැරදි වලට මව සමග සිර දඬුවම් විඳින වයස පහට අඩු දරුවන් 42ක් සිටින බව පැවසූ කොමසාරිස්වරයා මින් 19 දෙනෙකු පිරිමි සහ 23දෙනකු ගැහැණු දරුවන් බවද ප්‍රකාශ කළේය.
මරණ දඬුවම නියම කෙරුණු 826 දෙනකු රට පුරා බන්ධනාගාරවල සිටින බවත් මින් වැඩි පිරිසක් එනම් 805 ක් පිරිමින් බවත් වීරසිංහ මහතා පැවසීය.
මරණ දඬුවම නියම කෙරුණු කාන්තාවන් සංඛ්‍යාව විසි එකක් බවද ඔහු අනාවරණය කළේය.
රට පුරා බන්ධනාගාර 36ක් පවතින බව පැවසූ බන්ධනාගාර කොමසාරිස්වරයා දහ දාස් පන්සීයක් සිටිය යුතු එම බන්ධනාගාරවල මේ වනවිට 36000ක් සිටින බව සඳහන් කළේය.
ඒ අනුව බන්ධනාගාරවල ධාරිතාව සියයට හාරසීයක් බව හෙතෙම පෙන්වා දුන්නේය.
දිවයින පුරා බන්ධනාගාරවල සැකකරුවන් 25173ක් සිටින බව වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ නොයා ජීවත්වෙන්න උත්සාහ කරන්න. එකම විසඳුම ඒකයි. හිරකාරයින්ට සැප දෙන එක ජනතාවට අදාල නෑ. බොරු නඩු පටලවලා හිරේ යවන එක ගැන තමයි බලන්න ඕනෑ. ඒක සාමාන්‍යයෙන් කරන්නේ පොලිසිය සහ ආණ්ඩුව - බලය තියෙන අය.
ඔච්චර සංඛ්‍යාව වැඩි වෙලා තියෙන්නේ මරණ දඬුවම අක්‍රීය නිසා. බය නැතුව දරුණු අපරාධයක් වුනත් කරන්නේ බෝඩිමක නවත්තනවාට වඩා වැඩි දඬුවමක් නොකරන හින්දා.
මේකට ප්‍රධාන හේතුව රටේ ජනගහනයට සාපේක්ෂව සිටින විනිසුරු වරුන්ගේ ප්‍රමාණය අඩු වීම නිසා සහ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වැනි අත්‍යාවශ්‍ය ස්ථානවල පවතින අඩුපාඩු, පොලිසිය b වාර්තා ඉදිරිපත් කිරීමේදී දක්වන ප්‍රමාදය වැනි කාරණා නිසා නඩු වසර ගණනක් කල් යන අතර විශාල පිරිසක් නිකරුනේ බොහෝ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටිති. අධිකරණ අමාත්‍යංශයේ වැය ශිර්ෂයට අදට වෙන් කරන මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර, අවම වශයෙන් දැනට වෙන් කරන මුදල මෙන් දෙගුණයක්වත් වෙන් කිරීම කළ යුතුයි. සිරගත වී සිටින සිරකරුවන් නඩත්තු කිරීමට දැනට රජය විසින් විශාල වියදමක් දරනු ලැබේ. නඩු ඉක්මන් කිරීම මගින් රිමාන්ඩ් සිරකරුවන් ප්‍රමාණය අඩු කළ හැකි අතර ඔවුන්ට වියදම් වන මුදලින් කොටසක් රජයට ඉතිරි වේ...
කෞෂි සහ ප්‍රභාශ් ගේ අදහස් මම තරයේ ප්‍රතික්ෂේප කරමි. හිර ගෙදරක මූලික පරමාර්ථය විය යුත්තේ වැරැදි කළ පුද්ගලයින් යහ මගට ගැනීමයි. සිර ගෙදර සිරකරුට අපායක් විය යුතු නැත.. සිර ගෙදර ඔහුට ජීවිතයේ මග පෙන්වන පහනක් විය යුතුයි.