IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බදුල්ලට නාය අනතුරු ඇඟවීම්

(සමන් පාලිත නානායක්කාර) 

බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාමේ අධි අවධානම් කලාප සහ මධ්‍ය අවධානම් කලාප බහුලව තිබෙන බැවින් අදාළ ඉලක්ක ගත ප්‍රජාව පවතින අධික වර්ෂාව හමුවේ දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ  ඊ. එම්. එල්.  උදය කුමාර මහතා අද (25) පැවසීය.

ඉදිරි දින කිහිපයේදීත් අධික වැසි ලැබෙන බවට අනාවැකි පලවන බැවින් ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

මේ අනුව බදුල්ල දිස්ත්‍රික් ආපදා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද (25) නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

වර්ෂාව අධික අවස්ථාවලදී අවට පරිසරය පිළිබඳව අවබෝධයෙන් සිටින්න. නාය යාමේ පූර්ව ලක්ෂණ පරිසරයේ පෙන්නුම් කරන්නේ නම් නම් කර ඇති ආරක්ෂිත ස්ථානවලට ඉවත්වීමට කටයුතු කරන්න.

නිවාස අවට කාණු පද්ධති හොඳින් නඩත්තු කරගන්න. ලබාදී ඇති වර්ෂාමාන නිවැරදිව ස්ථානගත කර සවිකර එහි දත්ත අනුව කටයුතු කරන්න. හදිසි අවස්ථාවලදී  ඉවත්ව යන විට රැගෙන යාම සඳහා ආපදා මල්ල සූදානම් කර තබාගන්න.

අකුණු  පවතින විට අවධානම් වැඩ කටයුතු වලින් ඉවත් වෙන්න. තම නිවාස අසල හෝ නිවාස වෙත යොමු වූ ගල් පර්වත පස් කඳු පවතී නම් නිරතුරුව අධීක්ෂණයෙන් සිටින්න. ග්‍රාම නිලධාරී  ඇතුළු ප්‍රදේශයට සේවය කරන රාජ්‍ය සේවකයින් සමඟ මනා සම්බන්ධීකරණයක් පවත්වාගන්න. පූර්ව අනතුරු නිවේදනය පිළිබඳව සංවේදී වන්න. යනුවෙන්ද එම විශේෂ නිවේදනයේ සඳහන් වේ.



අදහස් (0)

බදුල්ලට නාය අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site