IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දෙයියන්දර ව්‍යාපාරිකයා ආයුර්වේද ගොඩනැගිල්ලක් හදා ආණ්ඩුවට දෙයි

(අංජුල මහික වීරරත්න)

ආයුර්වේද කර්මාන්තය සංචාරක කර්මාන්තය සමඟ සම්බන්ධ කර සුවතා සංචාරක කර්මාන්තයක් (wellness tourism ) බිහි කළ යුතු බව  අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.

දෙයියන්දර, බෙල්පාමුල්ල පිහිටි එච්. පී. පියසිරි රජයේ ආයුර්වේද රෝහල වෙනුවෙන් ඉදිකෙරුණු  නව තෙමහල් වාට්ටු සංකීර්ණය  විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

මෙම නව තෙමහල් වාට්ටු සංකීර්ණය  ෆිනෝමිනල් ට්‍රේඩිං ආයතනයේ අධිපති දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා සහ ඔහුගේ දරුවන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදි කරනු ලැබූ අතර මෙහි දී වාට්ටු සංකීර්ණය  නිල වශයෙන් රජය වෙත බාර දීමේ සන්නස් පත්‍රය  දේශමාන්‍ය එච්. පී. පියසිරී මහතා විසින්  අග්‍රාමාත්‍යවරිය වෙත පිරිනමන ලදී. 

මෙහි දී උත්සව සභාව ආමන්ත්‍රණය කළ අග්‍රාමාත්‍යවරිය රජයත් , පුද්ගලික අංශයත්, ජනතාවත් එක්ව සිදුකළ හැකි සංවර්ධන වැඩසටහන් ව්‍යාපෘති සඳහා මෙම රෝහල කදිම උදාහරණ සපයන බව පැවසීය.

සමාජ වගකීමකින් යුතු ව්‍යාපාරිකයින් පිළිබඳ ආදර්ශ අනාගත පරපුර වෙනුවෙන් ලබා දෙන දක්ෂ ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතාවය මේ යුගයේ  පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා ය.



අදහස් (2)

දෙයියන්දර ව්‍යාපාරිකයා ආයුර්වේද ගොඩනැගිල්ලක් හදා ආණ්ඩුවට දෙයි

ගමේ එකාලා Sunday, 26 October 2025 03:56 PM

ඔබතුමා කරපු සත්ක්‍රියාවට ගොඩාක් පින්. ඔබටත් පත් සියලුම දෙනාටත්, මෙම පුණ්‍ය ක්‍රියාවට සහාය දැක්වූ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය නිරතුරුවම ලැබේවා.

:       0       11

ගුණරත්න Sunday, 26 October 2025 07:16 PM

ව්‍යාපාරික දානපතිතුමාට ස්තුතියි, ඒත් මට දෙයියන්දර කිව්වාම මතක් වෙන්නේ ජවිපෙ භීෂණ කාලේ කරපු ගිණි තැබීම්. මට තාම මතකයි රෝහල ඉදිරිපිට තිබෙන කෘෂිකර්ම කාර්යාලය සහ ට්‍රැක්ටර් ගිනි තියලා තිබ්බ හැටි, මුලටියන හක්මන ඩිපෝවල බස් පුච්චලා තිබ්බ හැටි, ට්‍රාන්ස්ෆෝමර පුච්චලා තිබ්බ හැටි, තේ ෆැක්ටරි උළු කර්මාන්ත ශාලා පුච්චලා තිබ්බ හැටි. ඔය ජවිපෙ ඇමතිලා ඔය පාරවල්වලින් යනකොට අතීතයේ කරපු පවු මතක් වෙනවාද දන්නේ නැහැ.

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site