
(සුජිත් හේවාජුලිගේ)
සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් බස්නාහිර පළාතේ ප්‍රභූන් ඇතුළු විසිපස් දෙනෙකුට එල්ල වී ඇති මරණීය තර්ජන පිළිබඳව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන්වේ.
මෙම වාර්තාව පොලිස්පතිවරයා විසින් අදාළ පොලිස් පොලිස් ප්‍රධානීන්ට දැනටමත් යොමු කරනු ලැබ ඇත.
එම වාර්තාව එසේ යොමු කර ඇත්තේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සඳහා යැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අනුව එම බොහෝ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාල පොලිස් ප්‍රධානීන් දැනටමත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලෙටත් තනි නායකයෙක් හිටියා නම් හරි තනි සංධානෙකට ආවා නම් හරි ඉක්මණට නේද?
පාතාලය එක්ක සම්බන්ධකම් පවත්වන්නේ ප්‍රභූ හොරු සහ දූෂිත දේශපාලුවෝ.... හරියට උන්නා නම් මරණ තර්ජන එල්ලවෙන එකක් නැහැ. ඌරන්ගේ පස්සේ ගියා නම් අසූචි කන්න වෙනවා කියලා කතාවක් තියෙනවා.
දේශපාලකයින් හට "ප්‍රභූ" යන වචනය පාවිච්චි කරන්න එපා. දැන් සිටින බොහෝ දේශපාලකයින් ප්‍රභූවරු නොවෙති. "ප්‍රභූ" වචනය පාවිච්චි කළ යුත්තේ ගරු කටයුතු, සම්භාවනීය, ප්‍රතිපත්ති ගරුක, අවංක පුද්ගලයින්ටයි. සෑම දේශපාලකයෙකුම ඔය කුලකයට දමන්න බෑ. ඔවුන්ට ඔය ගතිගුණ නෑ. එමනිසා, කරුණාකර දේශපාලකයින්ට "ප්‍රභූ" වචනය වෙනුවට "දේශපාලකයින්" යන වචනය පාවිච්චි කරන්න. "ප්‍රභූ" වචනය පාවිච්චිය, ඔවුන් ඉහළ තලයකට අනවශ්‍ය ලෙස තල්ලු කිරීමක්. ඔවුන් උඩඟු, සාමාන්‍ය ජනතාවගෙන් වැඳුම් පිදුම් ලැබියයුතු කොටසක් සේ ඔවුන්ගේම තක්සේරුවට උඩගෙඩි දීමක්. එමෙන්ම, ප්‍රාදේශීය සභාවේ හා පළාත් සභාවේ සභිකයින් හට, "මන්ත්‍රී" යන වචනය පාවිච්චි නොකළ යුතුයි. ඔවුන් සඳහන් කළ යුත්තේ "සභිකයින්" වශයෙනි. ("ප්‍රාදේශීය සභා සභිකයින්" හා "පළාත් සභා සභිකයින්" වශයෙන්) "මන්ත්‍රී" වචනය සෑදී ඇත්තේ එකල පැවති මන්ත්‍රණ සභාවේ (මෙකල පාර්ලිමේන්තුවේ) නියෝජිතයින් සඳහායි. "මන්ත්‍රී" ලෙස භාවිතය, මෙම පුද්ගලය අනවශ්‍ය ලෙස ඔසවා තැබීමක්. මහජනතාවගෙන් ඈත්කර තැබීමක්...