ක්‍රීඩා ඇමතිට තවත් මුල් පුටුවක් යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා දසවැනි පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මාලදිවයින් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට තේරී පත් විය. 16 May 2025
මතට අබ්බැහි වු සෞඛ්‍ය සේවකයින් නිසා හෝමාගම රෝහල් කටයුතුවලට බාධා හෝමාගම මූලික රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ සෞඛ්‍ය සේවකයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවියේ නිරත සෞඛ්‍ය සේවකයින් සුළු පිරිසක් සිටින බවට ප්‍රදේශවාසීහු පවසති 16 May 2025
චාමර සම්පත්ගේ ඇප අවලංගු කරන්නැයි කළ ඉල්ලිම ප්‍රතික්ෂේප වෙයි ඇප මත සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ඇප අවලංගු කර යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය 16 May 2025
ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ඉවත්වෙයි පෞද්ගලික හේතුවක් මත තමා ඇල්කඩුව වැවිලි සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් වූ බව ඇල්කඩුව වැවිලි සමාගමේ හිටපු සභාපති සිසිර විජේවර්ධන මහතා පැවසීය. 16 May 2025
බාල පොහොර හොයන මෙහෙයුමක් ප්‍රමිතියෙන් තොර පොහොර වෙළඳපොළේ ඇත්දැයි සෙවීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය මෙහෙයුමක් ආරම්භ කර ඇත. 16 May 2025
රටක් දියුණු වන්නේ මිනිසුන් දෙන නිෂ්පාදන දායකත්වයෙන් රටක දියුණුව රැඳී තිබෙන්නේ ඒ රටේ මිනිසුන් රට වෙනුවෙන් ලබාදෙන නිෂ්පාදන දායකත්වය මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 16 May 2025
ඉන්දු පාකිස්තාන සටන් විරාමය දීර්ඝ කෙරේ පාකිස්තානය සමඟ ඇතිකරගත් සටන් විරාමය, ලබන 18 තෙක් දීර්ඝ කිරීමටත්, ඒ අතර කාලයේ පාකිස්තාන රජයේ නියෝජිතයන් සහ පාකිස්තාන හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වා සාම වැඩපිළිවෙළකට යෑමට හැකිවේවිදැයි බැලීමටත් කටයුතු කරන බව ඉන්දීය රජය පවසා ඇත. 16 May 2025
ජාතික වෙසක් සතිය අදින් අවසන් ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් පොහොය නිමිත්තෙන් ක්‍රියාත්මක කරන ලද ජාතික වෙසක් සතිය අදින් (16) අවසන් වන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි. 16 May 2025
කැබ් රිය පෙරැළෙයි :දෙන්නෙක් රෝහලේ අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තට පෙරැලීමෙන් එම කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පැවසීය. 16 May 2025
ජුනි තිහට පෙර වත්කම් බැරකම් ඉල්ලයි වත්කම් බැරකම් පිළිබඳ වාර්ෂික ප්‍රකාශය කළ යුතු අය ජුනි 30 හෝ ඊට ප්‍රථම සිය ප්‍රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කර සිටී. 16 May 2025
එක්දරු මව පිහියකින් ඇන මරා දාලා මාතලේ උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී කිසියම් අයෙකු කාන්තාවකට පිහියෙන් ඇන මරා දමා ඇති බව පොලිසිය කියයි . 16 May 2025
කෝටි 21 ක රන් කටුනායකින් පන්නන්න බැරිවෙයි රුපියල් කෝටි 21 ක් වටිනා රන් තොගයක් , වාහන අමතර කොටස් තුළ සඟවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 16 May 2025
තැනින් තැනට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද(16) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 May 2025
පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම මගින් තව මූලික අයිතිවාසියක් කඩවන ලදැයි සඳහන් කරමින් රුපියල් මිලියන සීයක වන්දි ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණයෙ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 15 May 2025
ආසියාවේ විශිෂ්ඨයන් අතර අපේ තුනක් ශ්‍රී ලංකාවේ යානිකා අමරසේකර, නිකින් මාතරආරච්චි සහ චරිත් එන් සිල්වාට ෆෝබ්ස් සඟරාවේ 2025 ආසියාවේ වයස අවුරුදු 30 ට අඩු විශිෂ්ඨයන් 30 අතරට ඒමට පසුගියදා හැකියාව ලැබුණේය. 15 May 2025
ටිරාන් - දේශබන්දු ගැන පොලිසියෙන් විමර්ශනයක් කොළඹ මහා අධිකරණ භූමියේදී නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තා විසින් හිටපු අමාත්‍ය ටිරාන් අලස් සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 15 May 2025
ලැප්ටොප් හොරෙක් යක්කලින් අල්ලයි දිවා හා රාත්‍රී කාලයේදී නිවෙස්වලට හොර රහසේ ලෙස ඇතුලුවීෙ ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරා ගෙන , මුහුණු පොත ඔස්සේ දැන්වීම් පළකොට ඒවා අලෙවි කළ බව කියන තරුණයකු අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි. 15 May 2025
ඇප කොන්දේසි නැතිව ඉඩම් ගොඩකිරීමේ හිටපු සභාපති බන්ධනාගාරට රුපියල් ලක්ෂ 276ක් රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂණද සිල්වා ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය. 15 May 2025
ජනපති කාර්යාලයේ සැප වාහන 17ක් විකිණේ ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද (15) පැවැත්විණි. 15 May 2025
ජුනි 10 තෙක් ලුණු ආනයනයට අවසර ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට අද දින රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත. 15 May 2025
තෙලිකඩ කසිප්පු පොළේ වෙඩි තැබීමක් කසිප්පු වැටලිමකට ගිය තෙලිකඩ පොලිසියේ සැරයන්වරයකුට කසිප්පු පොලේ සිටි පුද්ගලයකු කඩුවකින් රැගෙන සැරයන් වරයාකු පසු පස පන්නද්දී පොලිසිය එල්ල කළ වෙඩි පහරකින් තුවල කරාපිටිය රෝහලට ඇතුළත් කළ තෙලිකඩ පොලිසිය පවසයි. 15 May 2025
ආසියානු ජාතික ඵලදායිතා සම්මානය ජනක රත්නකුමාර ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 ප්‍රකාශයට පත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ අරලියගහ මන්දිරයේදී අද (15) පැවැත්විණි. 15 May 2025
වවුනියාවේ බලය අල්ලන්න දෙමළ පක්ෂ දෙකක් එක් වෙති ප්රජාතන්ත්රවාදී දෙමළ ජනතා සන්ධානය (ජනනායක තමිල් තේසිය කූටනි) සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂය එක්ව වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවන බව ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය පි.සත්‍යලිංගම් මහතා පැවසීය. 15 May 2025
සිරිපුර බාල පොහොර ජාවාරමාට අයත් තවත් පොහොර ලොරියක් අල්ලයි පොලොන්නරුව සිරිපුර බාල පොහොර ජාවාරම්කරුට අයත් බව කියන තවත් බාල පොහොර පටවා ගත් ලොරියක් දෙහිඅත්තකණ්ඩිය මැදගම ප්‍රදේශයේ සඟවා තිබ්යදි අද සවස සොයා ගත් බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි. 15 May 2025
පුංචි ආණ්ඩුවල දූෂණ මඩින්න විමර්ශන ඒකක පළාත් පාලන ආයතන වල දූෂණ හා අක්‍රමිකතා මැඩීම සඳහා විමර්ශන ඒකක පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනුමැතිය ලබා දුන්නේය. 15 May 2025
තරුණ කටයුතු නි.ඇමැති - කලාකරු හමුවක් ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රවීණ කලාකරුවන් හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා අතර හමුවක් ජාතික තරුණ සේවා සභාවේ දී අද (15) සිදුවිය. 15 May 2025
සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප විකිණූ සිසුවෙකුට දඩ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකුගෙ ඉල්ලීම පරිදි රුපියල් 500ක මුදලකට වට්ස්ඇප් වෙත යොමුකළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියම කළාය. 15 May 2025
අධිකරණ අමාත්‍යාංශයේ සැප වාහනත් වෙන්දේසි කරන්න යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි. 15 May 2025
ඉඩම් ගොඩකිරීම් සංස්ථාවේ හිටපු සභාපතිට ඇප වේර්න්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සදහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියඳී භාතිය ජයකොඩි නමැති අයගේ ආයතනයකට එම කටයුතු භාර දෙමින් රුපියල් ලක්ෂ 276ක් රජයට පාඩු කළේ යැයි කියන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමෙ සංස්ථාවේ හිටපු සභාපති ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. 15 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026