(බී.ජානක)

නීති විරෝධිව මෙරටට  ආනයනය කර මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය වෙනස් කරමින් ව්‍යාජ ලියාපදිංචි සහතිකක් ගත්තේ යැයි කියන ජිප් රථයක් බාරයට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.

එම රථය වැඩි දුර පරික්ෂණ සඳහා  ගල්කිස්ස පොලිස්ථානයට බාරදී ඇත.

මෙම රථය  ව්‍යාජ ලෙස ලියාපදිංචි කර රත්මලාන චකින්දාරාම පාරේ පදිංචි කාන්තාවකට විකුණා තිබියදී සොයාගෙන ඇත.

මෙම රථය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදු කරනු ලබයි.