සරසවි සිසුවියකගේ නිරුවත් ඡායාරූප විකිණූ සිසුවෙකුට දඩ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ නිරුවත් ඡායාරූපයක් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකුගෙ ඉල්ලීම පරිදි රුපියල් 500ක මුදලකට වට්ස්ඇප් වෙත යොමුකළ ශිෂ්‍යයෙකුට රුපියල් 5000 දඩයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (15) නියම කළාය. 15 May 2025
අධිකරණ අමාත්‍යාංශයේ සැප වාහනත් වෙන්දේසි කරන්න යයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට අයත් ඉන්ධන කාර්යක්ෂමතාවය අවම සහ නඩත්තු වියදම් අධික සුඛෝපභෝගී වාහන මිල ගණන් කැඳවා වෙන්දේසි කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යාංශය පවසයි. 15 May 2025
ඉඩම් ගොඩකිරීම් සංස්ථාවේ හිටපු සභාපතිට ඇප වේර්න්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු සදහා රජයෙන් මුදල් වෙන්කර නොතිබියඳී භාතිය ජයකොඩි නමැති අයගේ ආයතනයකට එම කටයුතු භාර දෙමින් රුපියල් ලක්ෂ 276ක් රජයට පාඩු කළේ යැයි කියන ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමෙ සංස්ථාවේ හිටපු සභාපති ඇපමත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය. 15 May 2025
රට යන අපේ තානාපතිවරුන්ට ජනපතිගෙන් දෙසුමක් ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීමක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. 15 May 2025
කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ ටෙන්ඩරය පිටපාරේ කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ කොන්ත්‍රාත්තුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ අනුමැතිය නොමැතිව අවම සුදුසුකම් ලැබූ ටෙන්ඩර් මණ්ඩලයේ ඇතැම් සාමාජිකයන්ගේ හිතමිතුරු සමාගමකට ප්රදානය කිරීමට සූදානම් වන බව එම රෝහලේ වෘත්තීය සමිති චෝදනා කරයි. 15 May 2025
ආබාධිත ප්‍රජාවට ඡන්දවලදී කෝටාවක් ආබාධිත ප්‍රජාවට බලපාන ප්‍රධාන ගැටලු පිළිබඳව ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ආබාධිත සහිත කණ්ඩායම්වල නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය 15 May 2025
තානාපතිවරු හත් දෙනෙක් අක්තපත්‍ර බාර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු හත් දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර බාර දුන්හ. 15 May 2025
සිසුවා සිසුවාගේ ගෙල කපා තුවාල කරලා පුල්මුඩේ විදුහලක ඉගෙනුම ලබන සිසුවෙකු අද (15) එම පාසලේම 11ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ ගෙල තියූණු ආයූධයකින් කපා බරපතල තුවාල සිදුකර ඇතැයි පුල්මුඩේ පොලිසිය කියයි . 15 May 2025
මහින්දානන්දගේ ඉල්ලූ ඇපයට කරුණු කියන්න දින දෙයි ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප ඉල්ලා සිටි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනුකළ පෙත්සමට ලබන (19)සඳුදා කරුණු ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අල්ලස් කොමිසමට අද දන්වා සිටියාය. 15 May 2025
සාපෙළ ප්‍රයෝගික පරීක්ෂණවලට දින දෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 21 වනදා සිට 31 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 15 May 2025
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ හෙට රැස්වෙති පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (16) පැවැත්වේ. 15 May 2025
නීතියට පිටුපාන පොලිස් නිලධාරීන්ට වැඩ වරදී මාර්ග අනතුරු අවම කිරීමට තවත් දැඩි නීති ගෙන එන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 15 May 2025
’’මන්ත්‍රීවරුන් සතියක් ඇතුළත නම් කරන්න’’ පළාත් පාලන ආයතන සඳහා පත් කරන සභිකයන්ගේ තොරතුරු මේ සතිය ඇතුළත භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් ඇත. 15 May 2025
මේ වසරේ රිය අනතුරුවලින් 965ක් මරුට ජනවාරි මස සිට මේ දක්වා කාලය තුළ රිය අනතුරු 1842ක් වාර්තා වී ඇති අතර එම අනතුරුවලින් 965 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 15 May 2025
සපුගස්කන්ද රන් බඩු කොල්ලයට අයෙක් සැකපිට සපුගස්කන්ද ප්‍රදේශයේදී ගිනි අවි පෙන්වා බියවද්දා රුපියල් දෙකෝටි දහඅට ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය පවසයි. 15 May 2025
පතල්කරුවන්ට රක්ෂණයක් පතල් කර්මාන්තයේ නිරත කාර්මිකයින් සඳහා වාර්ෂිකව අලුත් කළ හැකි හදිසි අනතුරු රක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තීරණය කර තිබේ. 15 May 2025
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු ලබන සතියේ මෙරටට ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය. 15 May 2025
කෝකියාට පහරදී ඝාතනය කරලා ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 15 May 2025
රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක් දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 15 May 2025
තැනින් තැනට අදත් වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 May 2025
සුදු අලි පොහොර ව්‍යාපෘතිය පිටුපස මහ මගඩියක්? ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද අනුමැතියකින් තොරව ආරම්භ කිරීම පිළිබඳව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප් කමිටුව) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට තීරණය කර ඇත 15 May 2025
සීගිරියේ හෝටලයකින් උණ්ඩ 40ක් සොයාගනී සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි. 15 May 2025
අපි දිනපු ඔක්කොම සභාවල බලය පිහිටුවනවා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය. 14 May 2025
බාල පොහොර තොගයක් පොලොන්නරුවෙන් අල්ලයි පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශය පවසයි. 14 May 2025
’’සමහරු ඉතිහාසය අමතක කරමින් අපි එක්ක ඉන්න ලෑස්ති වෙනවා’’ ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජවිපෙ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද (14) පැවසීය. 14 May 2025
ඉෂාන් මධූෂ ගැන තොරතුරු වෙතොත් දැනුම් දෙන්න මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පියා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව පොලොන්නරුව පොලිසිය පවසයි. පොළොන්නරුව කදුරුවල නගර මහා විද්‍යාලයේ 3 වසර ඒ පන්තියේ ඉගෙනුම ලබන, හෙට්ටිආරච්චි කළු අග්ගල දොන් ඉෂාන් මධූෂ ඔනාත් කුමාර මෙලෙස අතුරුදහන් වී ඇති බවට ඔහුගේ පියා වන සෙවනපිටිය මහවැව කේ.ඒ.ඩි.තරංග ලක්ෂාන් මහතා විසින් මෙම පැමිණිල්ල සිද 14 May 2025
පුංචි ආණ්ඩු බලය ගන්න විපක්ෂ එක තැනකට රොක් වෙති ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයෝ අද (14) එකඟතාවයකට පැමිණියහ. 14 May 2025
’’අපි කාටත් ඉකි ගසා හැඬූ මොහොතක් තිබුණා’’ ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ 60 වැනි සංවත්සර උත්සවය අමතමින් අද පැවසීය. 14 May 2025
බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පෞද්ගලික ධන පරිත්‍යාගශීලින් රැසක් ඉදිරිපත්ව සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පැවසීය. 14 May 2025
ඉන්ධන ලොරිය දොයි කොළොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33600ක් ප්‍රවාහනය කළ බවුසර් රථයක් තලවකැලේ නුවරඑලිය කිරිමැටිය ප්‍රදේශයේදී පෙරළීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව නානුඔය පොලිසියේ නිළධාරියෙක් පැවසීය. 14 May 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026