(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනයට රජය සෘජුවම වගකිවයුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23) චෝදනා කළේය.

වික්‍රමසේකර මහතා තමන්ට ජීවිත තර්ජන අැතැයි පසුගිය අගෝස්තු මස 29 වැනිදා පොලිස්පතිවරයාට දැනුම්දී  තිබූ නමුත් ආරක්ෂාව සපයා  නොතිබූ    බව පැවසූ විපක්ෂනායකවරයා වැලිගම සභාපතිවරයා  ආරක්ෂාව ඉල්ලා පොලිස්පතිවරයාට යැවූ එම ලිපිය  සහ  දිවුරුම් ප්‍රකාශයද  සභාගත කළේය.

ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දීමට ලෑස්ති වූ රජයේ නියෝජිතයා  දැන් කොහේදැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ ප්‍රශ්න කළේ මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳව  යාන්ත්‍රණයක් සකස් කිරීමට අදාළ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.