
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තවදුරටත් විමර්ශන කර පාතාලයට සම්බන්ධ දේශපාලකයන් පාර්ලිමේන්තුවට හෙළි කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මත්ද්‍රව්‍ය රට පුරා ප්‍රබල ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙනවා. හැම තැනම ඔඩුදුවලා.පොලිසියේ මෙන්ම හමුදාවේත් විශ්ව විද්‍යාල වලත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය ඉන්නවා.
ඕනෑම අභියෝගයක් බාරගෙන පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා අප කටයුතු කරනවා.
කොතරම් අවලාද අපහාස කළත් කලත් එය කරන බවට අප සභාවට පොරොන්දු වෙනවා.පසුගිය ආණ්ඩු සමයන්හිදී එක්තරා හමුදා කඳවුරකින් පාතාලයට ආයුධ 78ක් ලබා දී තිබෙනවා. තවදුරටත් මේ රටේ දේශපාලනයට සම්බන්ධ පාතාලයක් නැහැ යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඇතුලේ ඕන බොරුවක් කියන්න පුළුවන්. කියන්නකෝ ඇරෙස්ට් කරන්න කියලා.
සාක්කි සහිතව පලකරන එක තමයි වඩාත්ම සුදුසු. නම ගම එක්කම පල කරන්න. ඉන්පස්සේවත් ඡන්දය දෙනකොට හැමෝම දන්නවා තම වටිනා ඡන්දය දෙන්න ඕනේ කාටද කියලා...
ස්ථීරවම එකක් කියන්නම් ඒ ලැයිස්තුවේ මාලිමාවේ කවුරුත් නෑ. අපි නොදන්න ටින් ටින්.
අපිට හොඳටම පේනවා රට හොඳ මාවතට එනවාට කවුද විරුද්ධ කියලා. මෙහෙම ගියොත් විපක්ෂයට විපක්ෂයත් නැති වෙනවා.
විරුද්ධ පක්ෂයේ ඉන්න සමහර දූෂිත දේශපාලුවෝ වගේම පොහොට්ටුවේ ඉන්න... දූෂිත දේශපාලුවෝ හුග දෙනෙක් පාතාලකාරයෝ සමග සම්බන්දතා පැවැත්වූ බව දන්නෝ හොන්දාකාරවම දන්නවා.
බත් ළමයෝ මේ කියන්නේ මොනවද මන්දා.
බඩු මිලත් අඩු කරන්න බලන්න, මිනිස්සු ඔයාලාට කැමති නෑ බඩු මිල අඩු නොවෙන නිසා.