
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු අනුකමිටුව ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් විය.
2026 වසරේ සිට දිවයින පුරා සියලු ම පෙරපාසල් සඳහා එක ම විෂය මාලාවක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය
ඇයපැවසූවේ, පූර්ව ළමාවිය විෂය මාලා රාමුව මේ වන විට සම්පූර්ණ කර අවසන් ව ඇති අතර, දහනවදහසකට ආසන්න පෙරපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ නිලධාරීන්ගේ පුහුණු වැඩසටහන 2025 නොවැම්බර් මස 25 දින ආරම්භ කිරීමට නියමිතය
එහි දී සෑම පළාතක ම ගුරු පුහුණුවීම් සිදු කරන අතර, එමගින් නව විෂයමාලා රාමුවකට අනුව ඉගැන්වීම් ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනු ඇති බවද අග්‍රාමාත්‍යවරිය කීවාය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද අදහසක්...
මොන්ටිසෝරිවලටත් විෂය මාලා හදලා. මෙයාට පුළුවන් අන්න ඒ වගේ මොන්ටිසෝරි වැඩ තමයි.
අලුත් විෂය කුමක්ද?
සිංහල ,දෙමළ පමණක් නොවෙයි, විශේෂයෙන් ක්‍රිස්තියානි හා ඉස්ලාම් විෂය මාලා ද වෙනස් විය යුතුයි.
ආ, එහෙනම් මොන්ටිසෝරිවල දරුවන්ටත් සොරිම තමයි...! ඒ වයසේ ඉඳන්ම සමනල ලෝකෙට යන්න පියාපත් දෙන්න තමයි යන්නේ ! නොදකින් මේ වගේ සාරි පටලවාගත් පිරිමි භාග...!
ඉතා හොඳ අදහසක්. ලෝකයේ දියුණු රටවල බෝහෝ විට තිබෙන්නේ මේ වගේ එකම ක්‍රමයක්. ලංකාවේ හතු පිපෙනවා වගේ මොන්ටිසෝරි, ජාත්‍යන්තර මොන්ටිසෝරි බිහිවෙනවා. ඉංග්‍රීසි අකුරු ටිකක් අටවාගන්න පුළුවන් වුණු ගමන් සාමන්‍යපෙළවත් හරියකට පාස් නැතිව, පිළිගත් හරි හමන් සහතිකයක්වත් නැතිව ජාත්‍යයන්තර නම එකතු කරලා මොන්ටොසෝරි පටන් ගන්නවා. ලදරුවන්ට උගන්වන්න ඕන ක්‍රමවේදයක් එකම විදියටයන එක හරිම හොඳ දෙයක්. ලදරු මනසට සරිලන විදියට හැමදේම මුල සිටම එන අධ්‍යාපන ක්‍රමයක් හදන එක කාලෝචිතයි...
එතකොට මහාචාර්යතුමී අර සිරිලිය විෂේ මාලාව...?
බඩු මිල අඩු කරන්න ඉක්මනටම, මිනිස්සු ඔයාලාට බනිනවා බඩු මිල වැඩී කියලා.