
(සුමිත් පොතුපිටිය)
වාද්දුව සංචාරක හෝටලයක ගින්නක් හටගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසයි .
මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලේ දෙවන මහලේ ගින්න හටගෙන තිබේ.
කළුතර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ පීයූඒඑස් කුරේ ඇතුළු ගිනි භඨයින් ගිනි නිවන රථ දෙකක් යොදා ගින්න පාලනය කරමින් සිටී. දෙවන මහලේ පැවති ගින්න හේතුවෙන් තෙවන මහලේ සිරවී සිටී අයවළුන් බේරාගැනීමට දිගු ඉනිමගක් ආධාරයෙන් ගිනි භඨයින් තෙවන මහලට ගොඩවී ගින්න පාලනය කිරීමට සමත්වුහ.
හෝටලයේ නවාතැන් ගෙන සිටි සංචාරකයන් ඉවතට ගෙන ඇති බවත් , දෙවන සහ තුන්වන මහලේ නවාතැන් ගෙන සිටි අටදෙනකු සුරක්ෂිතව පහලට ගැනීමට කටයුතු කළ බව ගිනි නිවන ඒකකය සදහන් කරයි.
කාමරවල තිබූ ගුවන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි මෙන්ම දේපළ රැසකට හානි සිදුව ඇති බව පොලිසිය ගිනි නිවන ඒකකය සදහන් කරයි . ගින්නෙන් දුම ආග්‍රහනය වූ අයවලුන්ට ගිලන් රථවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ප්‍රථමාධාර ලබාදුන් අතර, ඔවුන් බේරාගැනීමට ගිය හෝටලයේ ප්‍රධාන නිළධාරියෙකු තුවාල සිදුව රෝහල් ගතකර තිබේ.
ගිලන් රථ දෙකක් , වාද්දුව සහ පින්වත්ත පොලිස් ස්ථානයෙන්ද නිළධාරීන් මෙන්ම විශේෂ කාර්ය බලකා නිළධාරින්ද කැදවා තිබුණි. වාද්දුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් වික්‍රමරත්න සහ පින්වත්ත ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නුවන් ආසිරි යන මහත්වරුන් ඇතුළු පොලිස් නිළධාරීන් ගිනි භඨයින්ට සහයවූහ.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාද්දුව හෝටලයක ගින්නක්