
(එච්.එම්. ධර්මපාල )
බොරලැස්ගමුව, දිවුල්පිටිය, සූරියමල් මාවතේ ඇවිදින මංතීරුවට යාබද වැවේ තිබී කිඹුල් ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇතැයි සැලකිය හැකි පුද්ගල මළසිරුරක් අද ( 23) හමුවූබව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව ,කටුබැද්ද ප්‍රදේශයේ. පදිංචිව සිටි වයස අවුරුදු 55 ක් වන කුමාර් ප්‍රනාන්දු නමැත්තෙකු බව පොලීසිය අනාවරණය කරගෙන තිබේ.
මෘතදේහය හමුවනවිට දකුණු අත සහ දකුණු කකුල ඇතුලුව සිරුරේ භාගයක් පමණ නොතිබූ බව පොලීසිය පැවසීය . මොහු පසුගිය 21 වැනිදින මාලු ඇල්ලීම සඳහා බැහැරව ගියබවත් නැවත නිවසට නොපැමිණි බවත් , නිවැසියන් පොලීසියට පවසා ඇත.
ඒ අනුව මෙම පුද්ගලයා මාලු අල්ලමින් සිටියදී කිඹුල් ප්‍රහාරයකට ලක්වන්නට ඇතැයි පොලීසිය සැකකරයි. මළසිරුර අසළ නිතර කිඹුල්ලු දෙදෙනෙක් ගැවසෙන බව එහි රැස්වසිටී පිරිස කියා සිටි . මෘතදේහය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.
බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුනරත්න. මහතාගේ අධීක්ෂණයෙන්, පොලිස් සැරයන් 67941 ගුණතිලක, පොලිස් කොස්‌තාපල්වරුවන 74833 මධූෂ, 92527 මාලන් යන නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1956										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කිඹුල් පහරින් අයෙක් මරුට