
(අංජුල මහික වීරරත්න)
කැලණිවැලි දුම්රිය මාර්ගය රත්නපුර දක්වා දීර්ඝ කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 අයවැය මඟින් දුම්රිය ප්‍රවාහන නවීකරණය යටතේ කාර්යක්ෂම දුම්රිය සේවාවන් සැපයීම සහ පොදු ප්‍රවාහන පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන කැලණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අදියර වශයෙන් දීර්ඝ කිරීමට යෝජනා කරමින් ඊට අදාළ මූලික වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. පෙර පැවති දුම්රිය මාර්ගය ආශ්‍රිතවම එකී දුම්රිය මාර්ගය නැවත සකස් කිරීමට යෝජනා වී ඇති අතර, ඒ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම හා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීම කඩිනමින් සිදු කළ යුතුව ඇත. ඒ අනුව, එම කාර්යය සඳහා උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස අදාළ ප්‍රසපාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩ බලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලකට ඉහත සබරගමුවේ හිටිය පොදු පෙරමුණේ මහ ඇමැතිවරයෙක් සහ ඇමතියෙක් අවිස්සාවේල්ල සිට රත්නපුර අතර දුම්රිය ඉඩම් කට්ටිකර ඡන්ද පදනම වැඩි කරගන්න බෙදලා දුන්නා නේද?
ඉලල්ලා කිව්වේ නෑ නේ කැළණිවැලි දුම්රිය මාර්ගය දැන් තියෙන දුරට හැදුවේ කවුද කියලා. පුංචි කෝච්චිය දුවන පාර ලොකු කෝච්චි දුවන පාරක් විදියට ලොකු කලේ කියලා. ඒවා හංගලා මොකද්දා හරුපයක් දෙසා බානවා.
ඔය මාර්ගය වැසීමේ යෝජනාව ගෙනාවෙ කවුද ඒකට විරුද්ධව ඡන්දය පාවිච්චි කලේ කවුද පක්ෂෂග්‍රාහීව ඡන්දය දුන්නෙ කවුද දන්න කෙනෙක් කියන්න එම කාලයේ හැන්සාඩ් වාර්තා ගන්න ක්‍රමයක් තිබේනම් කොහොමද කියන්න
රත්නපුරට නෙමේ, මාතර හෝ හම්බන්තොට දක්වාම දීර්ඝ කරන්න. දුම්රිය සේවය නඟා සිටුවීම හැර පොදු ප්‍රවාහනය නඟා සිටුවීමට වෙන මාර්ගයක් නෑ. වෙනත් රටවල් දිහා බලන්න, ඒ රටවල අපි දැන් දකින ප්‍රශ්ණ මීට දශක ගණනාවකට කලින් දැක, ඊට අදාල සැකසුම් ක්‍රියාත්මක කර තිබෙන්නේ. අපිට අමුතුවෙන් සැලසුම් අවශ්‍ය නෑ, වෙනත් කෙනෙක්ගේ සැලසුමක් අපිට අවශ්‍ය පරිදි වෙනස් කරගන්න තියෙන්නේ... අනික වගකීම, වගවීම සහ පාරිභෝගිකයාට සැලකීම වර්ධනය කරගැනීම ප්‍රමාණවත්...
ඕක හැමදාම ශක්‍යතා අධ්‍යයනය කරනවා විතරයි. අවිස්සාවේල්ලෙන් එහාට මීටර් 100ක් හදලා කතා කරමුද?නිකං බොරු බයිලා විතරයි.
කලින් කරපු අධ්‍යනවලට මොකද වෙලා තියෙන්න?
රත්නපුර දිස්ත්‍රික්කයේ නොදියුණු බවට ප්‍රධානම හේතුවක් වන්නේ කැළනිවැලි දුම්රිය මාර්ගය වසා දැමීම කියල කියන්න පුලුවන්. රත්නපුර දිස්ත්‍රික්කයේ යමක් කමක් ඇති මිනිස්සු හැමදාම බැලුවෙ උන්ගෙ බැලමෙහෙවර කරන්න ජනතාව සිටිය යුතුමයි කියලම තමයි. ගමකට පාරක් හදද්දී ගමේ එකාල බයිසිකල් පදීවි කියල ඒවට බාධා කලා. එහෙම දේකට මූලිකවී කටයුතුකල ගුරුතුමෙකුට වස දී මැරීමට ඉහල වත්තෙ ලොකු අප්පු කියල මිනිහෙක් කටයුතු කල බවක් දකුණු පලාතට මායිම් ගමකින් අහන්නත් ලැබුනා. අත දික්කරමින් ආපු දේශපාලුවො සුද්දා හදපු කෝච්චිපාරත් වසාදැමීමට කටයුතු කලා අවුරුදු 76 ක ශාපයට කැළනිවැලි දුම්රිය මාර්ගය වසා දැමීමත් අයිතිවෙනවා. වත්මන් ආණ්ඩුව මේ මාර්ගය හැදුවොත් අවුරුදු 76 ක ශාපයක් තිබුනා කියලා කියන්න පුළුවන් වේවි