
(රංජන් කස්තුරි)
මක්කම සිට මෙරටට ත්‍යාග ලෙස ලැබුණු දෙමළ භාෂාවෙන් ලියන ලද ශුද්ධ වූ කුරාන ග්‍රන්ථ තොගයක් රේගුව වසරකට වඩා වැඩි කාලයක් තිස්සේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් තමාට වාර්තාවක් දෙන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය රේගුවට දැනුම් දුන්නාය.
ජාතික ෂූරා සභාව අග්‍රාමාත්‍යවරිය හමු වී කළ පැමිණිල්ලකට අනුව එම වාර්තාව කැදවා තිබේ.
මීට අමතරව මුස්ලිම්වරුන් පිරිසක් ශ් රීලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර ඇති අතර එම කොමිසමෙන්ද වාර්තාවක් කැඳවා තිබේ.
ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් වෙනුවෙන් නීතිඥවරයකු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ගොනු කරන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදය යටතේ සහතික කර ඇති අයිතිවාසිකම් ශ්‍රී ලංකා රේගුව විසින් උල්ලංඝනය කර ඇති බවයි,

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd