
(එම්.කේ.නන්දසේන)
කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධම්මින්ද නාහිමියන්ගෙ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ඉවත්කොට එම නිළධාරින් දෙදෙනා කිරිවෙහෙර පහල මළුවට සහ ඉහල මළුවට යොදවා ඇතැයි වාර්තා වේ.
තවද නාහිමියන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිළධාරින් දෙදෙනා ද කාවන්තිස්සපුර මූලස්ථාන කඳවුර කැඳවා ඇතැයි කිරිවෙහෙර විහාරස්ථානය කියයි.
පොලිස්පතිවරයාගේ නිසි අවසරයකින් තොරව ප්‍රභූ, දේශපාලන හා ආගමික නායකයන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් ඉවත් කරන ලෙස තංගල්ල පොලිස් අධිකාරි කොට්ඨාසය තුළ ඇති සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට තංගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා චක්‍ර ලේඛනයක් මගින් දැනුම්දී ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී. එස්. ඉෂාන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ එස්.ටී.එෆ් ආරක්ෂාව ඉවත්කොට ඇතැත් පොලිස් ආරක්ෂාව එලෙසම පවතින බවය.
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු වසර හතකට වැඩි කාලයක් තිස්සේ පොලිස් හා එස්. ටී. එෆ්. ආරක්ෂාව ලබාදී තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහණදම යනු ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන නිවනට යන ගමනකි. ආරක්ෂාව අවශ්‍ය ජීවිතයේ ලෞකික සැප උදෙසාය. ඉතින්...
කමක් නෑ. පුනරුදයටලුනේ රට යන්නේ. ඒ සඳහා සැලකිය යුතු ලොකු පියවරක් ඊයේ, පෙරේදා වැලිගම ප්‍රාදේශීය සභාවේදී තිබ්බානේ. කමෝන් මාලිමාණ්ඩුව...!
සිංහලබෞද්ධ නායකයින් විනාශ කර සිංහල බෞද්ධ රට විනාශ කිරීමේ ජාත්‍යන්තර කොන්ත්‍රාත් එක කොටි ඩයස්පෝරාව සමඟ එක්ව වර්ථමාන දීන පාලකයින් විසින් ක්‍රියාත්මක කරමින් පවතියි. පචවලට හසු වී රැල්ලට ඡන්දය දුන් ජනතාව මේවාට වගකිව යුතුයි. තව තව සෙල්ලම් ළඟ ළඟ දැකිය හැකිවෙයි. හැබැයි ඒ එයාලාගෙත් අවසානය සමඟ...
බුදුන් රජානන්වහන්සේට ආරක්ශකයින් සිටියේ නැත. බුදුන් දේශනා කරපු ධර්ම මාරගයේ ගමන් කරන කිසිවෙකුටත් ආරක්ශකයින් උවමනා නැත. කහ සිවුරු පොරවාගෙන දේශපාලකයින්ගේ වුවමනා එපාකම් කරමින්, ඔවුන්ට කඩේ යන, සිවුරට මුවා වෙලා පාතාලය සමඟ වැඩ කරමින් පන්සල් වල වැජබෙන අයට තමා ආරක්ශාව උවමනා වේ...
හිටපු පාලකයෝ විනාශ නොකරපු දෙයක්, තැනක් තව තියෙනවද? අඩුගානෙ පන්සලක්වත්?
බුදුරජාණන් වහන්සේට ආරක්ෂක නිලධාරීන් කීයක් සිටියේද? මිහිඳු මහරහතන් වහන්සේට ආරක්ෂක නිලධාරීන් කීයක් සිටියේද? ආරක්ෂාව අවශ්‍ය ඇයි? දොර සතුරන් ඉන්නේ ඇයි.?
බුද්ධ ශාසනේද , සල්ලිද ? යන දෙකෙන් එකක් තෝරගෙන එළියට බහින් න. ඔබවහන්සේලා වගේ අය නැති තරමට සාසනය ආරක්ෂා වෙනවා දේවියනේ!
සසර කෙටි කරන්න මහන වෙලා දැන් මැරෙන්න බයවෙලා, බොරුවට ආගමික නායකයෝ කියගෙන ඉන්න හැමෝම කරන්නේ ආගමත් විකුනන් කන එක.
අනේ මාලි නොදුටු මොක්පුර
හාමුදුරුවරුන්ට මොකටද පොලිස් ආරක්ෂා ?
භික්ෂුවකට පොලිස් ආරක්ෂාව?
මහජනතාවගෙන් ආරක්ෂා වෙන්න නම් මේ ඉල්ලන්නේ මේ තරමටම පුද්ගලයන් මේ හාමුදුරුවන්ට වෛරී කරන්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන.
මොකෝ මෙයාට ධර්මයේ ආරක්ෂාව නැද්ද ? පොලිස් සරණං ගච්චාමි කියලාද මෙයා කියන්නේ…?
හත්වලාමයි... යෝගා බයියන්දඩී අනිවාර්යය නිවාඩු ගිහිං, සඳමාලි බයි නැගණිය කරළියට ඇවිදින්
ඉතින් රදගුරු තුමාට 50ක විතර ආරක්ෂාවක් දීල තියෙන්නේ ඉක්මනට දිව්‍ය ලෝකෙ යන්නද?
කතරගම කොබා සහ ඔහුගේ නිල නොවන පෙම්වතියටත් දරුවෙක් ඉන්නවා.
මහනදම් පුරනවා කියන ඒකේ අර්ථයත් දැන් සමාජයෙන් අයින් වෙලා තියෙනවා. දේපල බදාගෙන ඉන්නේ නැතුව ආරණ්‍යවාසී වෙලා ශාසනයට ආව කාරණය ඉෂ්ට කරගන්න
නිදහසෙන් පස්සේ රට කරපු ධනේශ්වර සහ වාමාංශික ආණ්ඩු විසින් අපේ බෞද්ධ රට ප්‍රකෝටි ගනන් ණය අරගෙන රට හොරා කාල නැති බංග කරලා බංකොලොත් කරලම විනාස කලා.අද මේ මාලිමා ආණ්ඩුව රටේ පිනකට පහළ වෙලා හොරා කෑවා කම්බ හොරුන්ට දැඩි දඬුවම් දෙමින් රට නියම මාවතකට ගන්නවා.ඉතින් රටේ නිරායුධ පුරවැසි කිසිම කෙනෙක්ට ආරක්ෂාව අවශ්‍ය නැහැ.
ඩොබිලා හෙලුවෙන්ම හෝදනවා, පව් 1700 ට කහින කැහිල්ල .
ධර්මානුකූළව ජීවත් වන්නා දර්මය විසින් රකිනවා කියලයි අපි අහලා තියෙන්නේ? බූද්ද චීවරය දාගත්තු හාමුදුරු කෙනෙක් ,ආරක්ෂාව අහවල් දේකටද?
කතරගම කොබා ශාසනය විනාශ කරන පව්කාරයෙක්. ස්ත්‍රී ධූර්ථයෙක්…
පුළුවන්නම් භාවනා කරලා පෙන්නන්න කියන්න මාසයක් එක දිගට වනගත වෙලා ... ආරක්ෂාවක් ඉල්ලන්නේ නැහැ සිකුරුයි
ආරක්ෂාව ලබා දෙන්නේ බුද්ධ දර්ශනය ආරක්ෂා වීම සදහා නම් කමක් නැහැ. එහෙම නැතුව නම් වැඩක් නැහැ කියලා බුද්ධ ශාසන ඇමැතිට තේරුන් ගිහින් ඇති...