
(ඒ. ඒ. පේමසිරි)
වලංගු වීසා කාල සීමාව අවසන්ව කතරගම පූජා නගරයේ රැඳී සිටි ස්විඩන් ජාතික කාන්තාව වැලිසර විදේශක රැඳවීම් මධ්‍යස්ථානයේ ලබන 29 වැනි දා තෙක් රඳවා තබන්නැයි තිස්සමහාරාම මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු එන්.එච්.නිලක්ෂි කුරේ මහත්මිය නියෝග කළාය.
විදේශීය රැඳවූ මධ්‍යස්ථානයෙහි මෙලෙස රඳවා තැබිමට අධිකරණය නියෝග කළේ අමිරා ලුග් මේරි දේව් නැමති 42 හැවිරිදි විදේශීය කාන්තාවකි.
තම විදේශීය ගමන් බලපත්‍රය කිසියම් පුද්ගලයකු සොරාගෙන ගොස් ඇති බවට මීට දින කිහිපයකට පෙර කතරගම පොලිසියට පැමිල්ලක්ද කර ඇති අතර, පසුව ඇය සොයා ගැනීමට නොහැකි විය.
කතරගම පූජා නගරයේ සිටියදී පොලිසිය විසින් ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වීඩන් (වැලි) කතර... මත්ද්‍රව්‍ය මිශ්‍ර වතුර පෙවිලා.
මෙවැනි අය හිටියයි කියලා රටට හානියක් නැහැනේ. මෙවැනි අයට ඉන්න දෙන්න තිබුනේ. එලවන්න ඕනෑ අය වෙන ජාතිවල අය ඕනෑතරම් ඉන්නවා. ඒ අය කරන්නේ මෙහේ ගෑණු කෙනෙක් කසාද බැදලා ළමයි 7, 8 ක් හදනවා... ඉබේම පුරවැසිකම හම්බ වෙනවා.