
(විමුක්ති එස් රුද්‍රිගු)
තුර්කි ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුව මහතා සිය අක්තපත්‍ර ලිපිය එරට ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් මහතාට පසුගියදා පිරිනැමුවේය.
තුර්කි ජනාධිපති නිල මැදුරේදී පැවැති උත්සවයකදී කදුරුගමුව මහතා එරට ජනාධිපතිවරයාට අක්ත පත්‍ර බාර දුන්නේය.
ජනාධිපති එර්දොවාන් එහිදී තානාපති නිලූක කදුරුගමුව මහතාව උණුසුම් ලෙස පිළිගෙන ඇති අතර සාර්ථක ධුර කාලයක් සඳහා සිය සුභ පැතුම් එක් කර ඇත.
නව තානාපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව තුර්කි ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd