
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
පොලිස්පතිවරයා දැනටමත් ඒ සම්බන්ධයෙන් යම් යම් පියවර ගෙන ඇති බවට ඔහු දැනුම් දුන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.
පක්ෂ පාට බේද නොසලකා සෑම දේශපාලඥයකුටම ආරක්ෂාව සලසන බවත් එතැනදී කිසිදු බෙදීමක් නොකරන බවත් ඔහු සඳහන් කළේය.
වැලිගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ඝාතනය ගැන කණගාටුවන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 04
630
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න: ඇමති පොලිස්පතිට කියයි
අකැමති Saturday, 25 October 2025 01:09 PM
ලෝකෙට පේන්න නිලධාරීන් කීපදෙනෙක් ගේ ඉස්සරහ තියන්න. අපි අපේ සෙට් එකට කියන්නම් මේ වෙලාවේ ඔය කොන්ත්‍රාත්තුව කරන්න එපා කියලා.
අබා Saturday, 25 October 2025 01:31 PM
වපුරපු දේ අස්වැන්න තමයි ඔය නෙලන්නේ ජගත් මහත්තායෝ.. අවි ගත්තෝ අවියෙන්ම නසියි. බුදු බණ... අපි නං ඉතිං නිවන් සුව පතන්නම්...!
රුවන් Saturday, 25 October 2025 04:15 PM
උසාවියට ඇවිල්ලා වැඩේ දුන්නා නම් හමුදාව දැම්මත් අවි ගත්තෝ අවියෙන්ම නසි කියන කියමන වෙනස් කරන්න බෑ. සමහර විට ළඟම ඉන්න යාලුවා වුණත් වෙඩි තියයි. අපි අහලා තියෙන විදියට හොදට හිටියා නම් බය වෙන්න දෙයක් නෑ.
සත්සරSaturday, 25 October 2025 07:29 PM
රුවන්, හොඳට ඉන්නවා කියන්නේ ආණ්ඩුවේ මරිමෝඩ වැඩ විවේචනය නොකර සිටීමද? ඡන්දයෙන් ආණ්ඩුව පරාජය නොකිරීමද?
තිබ්බ එකම ඔප්පුව බස් අජිත් හොරාට සින්න උනා Sunday, 26 October 2025 08:27 AM
මේ බස් අජිත් කියන්නේ මතුගම පාතාලේ මෙහෙයවන ප්‍රධාන චරිතයක්... හොර, මැරකම් කරලා මිනිස්සුන්ගේ දේපල බලෙන් ලියාගත්තු එකෙක්. මෙයාගේ බස්වල ඉන්න ඩයිවර් කොන්දොස්තර උන්ගෙන්ම පේනවා මෙයාගේ උෂ්නේ අරගෙන රගන විදිහ...
Akumarasiri Sunday, 26 October 2025 07:18 AM
රුවන්, හොඳට හිටපු කීදෙනෙක් ඉස්සර 87-89 කාලේ රජයේ හමුදා, විකල්ප අතින් මැරුම් කෑවාද? තමුන්ගේ වැඩක් බලන් හිටියා කියලා වැඩක් වුණේ නෑ ඒ සමහර අයට. අපේ බාප්පා කෙනෙක් 89 මුලදී යන්තම් බේරුණා... ගෙදරට ආපු විකල්ප කට්ටිය වෙඩි තියන්න ඉස්සෙල්ලා. හමුදාව ඒ පාරේ එනවා කියලා ආරංචියකට ඔවුන් පැනලා ගිය නිසා. පස්සේ හොයනකොට ආව අයට වැරැදීමක් වෙලා වැරැදි ගෙදරට ඇවිත් කියලයි දැනගෙන තියෙන්නේ. අදත් කාටවත් වරදක් නැති කෙනෙක් ඉතින් නිකං මැරුම් කන්න ගියේ....