IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාතාල කෙරුමෝ දහයකට යුරෝපයේ රැකවරණ: කුදලාගෙන ඒම ගැටළුවක්

(සුජිත් හේවාජුලිගේ)

ප්‍රංශය එංගලන්තය ඇතුළු යුරෝපා රටවලට පැනගිය මෙරට ප්‍රධාන පෙළේ පාතාලකරුවන් දස දෙනකු දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් ඒ රටවල  නීතිය අනුව මෙරටට ගෙන්වා ගැනීමට අසීරු තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

කංජිපානි  ඉම්රාන්, කුඩු අංජු,  රොටඹ අමිල සහ රූබන්   ආදීහු යුරෝපයට මෙසේ පැනගොස් සිටින පාතාලකරුවෝ වෙති.

රත්මලානේ  කුඩු අංජු ප්‍රංශයේදී අත්අඩංගුවට ගත්තද මෙරටට භාර නොදුන් අතර ඔහු මේ වනවිට එරට දේශපාලන රැකවරණ ලබා සිටි.

ප්‍රබල පාතාල අපරාධකරුවන් බොහෝ දෙනෙකු  එංගලන්තය, ප්‍රංශය, රුසියාව, ඉතාලිය, ඔස්ට්‍රියාව ආදී යුරෝපීය රටවලට සංක්‍රමණය වී ඇතිබවත්  රත්ගම විදුර, කොස්ගොඩ සුජී, ලාල්, අන්නාසි මොරිල්, මොහොමඩ් සිද්ධික් වැනි මත්කුඩු ජාවාරමේ නිරත ප්‍රබල පාතාල අපරාධකරුවන් රැසක්ද දැනට සිටින්නේ යුරෝපීය රටවල බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් අප මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  යුරෝපීය රටවල සිටින පාතාලකරුවන් පිරිසක් දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් මෙරටට ගෙන්වා ගැනීමේ විශාල  අභියෝගයක් මතුව ඇති බවයි.

මේ අනුව යුරෝපයට පැන ගොස් සිටින පාතාලයන් සම්බන්ධයෙන් රජයට වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවනු ඇතැයි විචාරකයෝ සඳහන් කරති.

පාතාල නායකයකුවූ ගනේමුල්ල  සංජීව ඝාතනය සම්බන්ධයෙන්  නේපාලයේදී අත්අඩංගුවට ගනු ලැබූ ඉෂාරා සෙව්වන්දි නමැත්තියද  එසේ අත්අඩංගුවට ගැනීමට පෙර යුරෝපයේ රටකට පැනයාමේ  උත්සාහයක් තිබී ඇතැයි අනාවරණය වී ඇත. ඇය එසේ යුරෝපයට පැන ගියා නම් දේශපාලන රැකවරණ හේතුවෙන් අත්අඩංගුවට ගැනීමේ ගැටලුවක් අනිවාර්යයෙන්ම මතුවීමට ඉඩ තිබූ බව  ආරංචි මාර්ග සඳහන් කරයි.

බොහෝ යුරෝපා රටවල රටකින් රටකට සැකකරුවන් භාරදීමේ ක්‍රියාවලිය   නැතහොත් උදර්පණය බලාත්මක නොවන  බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.



අදහස් (8)

පාතාල කෙරුමෝ දහයකට යුරෝපයේ රැකවරණ: කුදලාගෙන ඒම ගැටළුවක්

Prabath Saturday, 25 October 2025 03:41 PM

කන්ජිපානිව රටින් පිටකරපු අයව අල්ලන්න බැරිද?

:       0       99

Rasika Saturday, 25 October 2025 04:07 PM

මේක නම් මේ අය ආරක්ශා කරන්න කියන විශාල බොරුවක්. අපරාධ කරුවන් බව ඔප්පුවුනොත් නිකම්ම අසයිලම් තත්වය නැතිවෙනවා. ප්‍රතිභා මහතාත් දැනගෙන බොරු කියනවාදැයි සැකයි

:       3       80

Nandana Saturday, 25 October 2025 04:19 PM

මේ වගේ අපතයෙක්ට ඇප ලබාදුන් අයවත් අත්අඩංගුවට ගන්න. එතකොට ගත්තු කෙනා වමාරයි.

:       0       57

Nissanka Saturday, 25 October 2025 04:44 PM

බොරුවක් තමයි මේක නම් ඉතින්. කලිනුත් ඒ රටවල් වලින් පාතාලයො අහු වුනාම එව්වනේ. එහෙම තියාගෙන ඉන්නේ නෑ. නිකන් චා‍ටු කතා කියන්නෙ නැතුව දැන් ආන්ඩුවේ පාතාල වැඩ කරන නිසා ගෙන්නන්න හිත දෙන්නෙ නෑ කිව්වා නම් ඉවරනේ.

:       3       42

fairoos Saturday, 25 October 2025 05:40 PM

දෙයියෝ සාක්කි කිව්වලු...

:       3       10

sene Saturday, 25 October 2025 05:42 PM

රසිකා ඔබ හරි දේශපාලන රැකවරණය තුළ රතු වරෙන්තු ඈයෝ ආරක්ෂා වෙන්නේ නැහැ. කාටදෝ වම දකුණ වැරැදිලා වගේනේ....

:       1       20

වින්සන්ට් කජ්ජා Saturday, 25 October 2025 08:32 PM

ඔවුන්ගේ මෙරට සල්ලි ජාලයේ මේ රටේ ඉන්න අයව ඇල්ලුවා නම් ඉබේම රැස් බහිනවා. ඒ පවුල්වලට, හිතවතුන්ට උපයපු හැටි ඔප්පු කරන්න බැරි සියලුම මුදල් දේපල අධිකරණයෙන් තහනම් කරන්න...

:       1       1

don Sunday, 26 October 2025 05:38 AM

ගෙනෙන්න බැරි නම් එහෙට ගිහින් වැඩේ දීලා එන්න. පොලිසියේ අයට පුලුවන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site