
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 16 ක් දිනාගනිමින් ඉන්දියාවේදී පැවති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකරගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව මෙම ශූරතාවලියේදී රන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 14 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් සමගින් සමස්ත පදක්කම් 40 ක් දිනාගැනීමට සමත් විය.
සත්කාරක ඉන්දියාව රන් සහ රිදී පදක්කම් 20 බැගින් සහ ලෝකඩ පදක්කම් 18 ක් සමගින් සමස්ත පදක්කම් 58 ක් දිනාගනිමින් ශූරතාව දිනාගැනීමට සමත් විය.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ෆාතීමා යාමික් රන් පදක්කම් ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වූ අතර චමෝද් යෝධසිංහ සහ මධුෂානී හේරත් රන් පදක්කම් ද්විත්වය බැගින් දිනාගැනීමට ද සමත් වූහ.
චමෝද් යෝධසිංහ සහ ෆාතීමා යාමික් මීටර 100 පිරිමි සහ කාන්තා ඉසව්වලින් නව තරගාවලි වාර්තා සමගින් රන් පදක්කන් දිනාගනිමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා සහ කාන්තාව බවට ද පත්වූහ. චමෝද් මීටර 100 ඉසව්ව තත්පර 10.30 කින් නිම කළ අතර යාමික් තත්පර 11.53 කින් එම ඉසව්ව අවසන් කළාය.
ෆාතීමා යාමික්, මීටර 100, මීටර 100 සහාය දිවීම සහ මීටර 200 යන කාන්තා ඉසව්වල රන් පදක්කම් දිනා ගැනීම කැපී පෙනුණි.
පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ:
රන් පදක්කම්
1. චමෝද් යෝධසිංහ - මීටර 100 පිරිමි
2. ෆාතීමා යාමික් - මීටර 100 සහ 200 කාන්තා
3. පසිදු මදුෂාන් - තුන්පිම්ම පිරිමි
4. මධුෂානි හේරත් - තුන්පිම්ම සහ දුර පැනීම කාන්තා
5. තරිඳු දුෂාන් - උස පැනීම පිරිමි
6. කාලිංග කුමාරගේ - මීටර 400 පිරිමි
7. හර්ෂ කරුණාරත්න - මීටර 800 පිරිමි
8. දසුනි කෞශල්‍යා - මීටර 400 කඩුලු පැන දිවීම කාන්තා
9. රසාරා විජේසූරිය - මීටර 10,000 කාන්තා
10. රුමේෂ් තරංග - හෙල්ල විසිකිරීම පිරිමි
11. දිල්හානි ලේකම්ගේ - හෙල්ලවිසිකිරීම කාන්තා
12. මීටර 100 සහය දිවීම පිරිමි
චමෝද් යෝධසිංහ, ප්‍රමුදිත් සිල්වා, සදුන් දියලවත්ත සහ ඉදුසර විදුෂාන්
13. මීටර 100 සහය දිවීම කාන්තා
ෆාතිමා යාමික්, ධනංජනා ප්‍රනාන්දු, අමාෂා ද සිල්වා සහ රුමේෂිකා රත්නායක.
2025 දෙසැම්බර් මස 04
758
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
571
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව දිනයි
ගුණරත්න Monday, 27 October 2025 04:48 PM
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ස්තුතියි රට වෙනුවෙන් තරඟ වැදී රටට ගෞරවයක් අත්කරදීම වෙනුවෙන්. එත් සමහර ඇමතිලා බිග් කුච්චන් ගගා ලෝකය ඉස්සරහා මුළු රටම හෑල්ලු කළා.
පිටරැටියා Monday, 27 October 2025 05:34 PM
අපේ රටට කීර්තයක් ලබාදුන් සියලුම ක්‍රීඩා සූරීන්ට අපගේ ප්‍රණාමය පුදකරනවා සුබ අනාගතයක් වේවා.. ජයෙන් ජයම ලැබේවා.